IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දීලා

(බී.ජී. චතුරංග)

නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගී ජනතාවට බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ඔයාමඩුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ සේවයේ නියුතු ආයුර්වේද වෛද්‍යවරයෙකි.

මෙම ආයුර්වේද වෛද්‍යවරයා මහවිලච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මානින්ගමුව ප්‍රදේශයේ බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් නීති විරෝධී ලෙස පවත්වා ගෙන යන බවට ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන එම නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානය මුද්‍රා තැබීමට කටයුතු කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.

මහවිලච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ද දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (2)

සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දීලා

කොන්දොස්තර Friday, 23 August 2024 05:19 AM

ඉස්සර නම් දේශීය වෛද්‍යවරුන් පුහුණු කරද්දී බටහිර වෙදවෙදකමත් පුහුණු කලා. මේ වෛද්‍යවරයාත් එහෙම පුහුණුව ලැබූ අයෙක් නම් වෙදකමේ යෙදීමේ තියෙන වරද මොකක්ද .එහෙම නම් ඖෂධවෙදී පුහුණුවක් නොලැබූ විශාල පිරිසක් අනුන්ගේ සහතික ප්‍රදර්ශනය කර ඖෂධ වෙළදාම කිරීම හරිද .සොයන්නාට ඒවා සොයාගන්න පුළුවන්

:       0       3

Lalla Friday, 23 August 2024 08:19 AM

රටපුරාම හැම තැනම ආයුර්වේද වෛද්‍යවරු බොහොමයක් ඇලොපති ක්‍රමයේ බෙහෙත් දෙනවා. එක්කෙනෙක් අල්ලල රටට පොරවල් වෙලා වැඩක් නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site