
(කසුන් වරකාපිටිය)
වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් පාලන මිල සංශෝධනය කිරීමට රජය අවසරදී ඇතැයි පැවැසෙයි. ඒ අනුව තෝරාගත් ප්‍රභේද සඳහා සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත.
වෙළඳපොළේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රධාන වී මෝල් හිමියන් අතර පෙරේදා(07) පැවැති සාකච්ඡාවේදී පාලන මිල ඉහළ දමන ලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් කළ ඉල්ලීම සළකා බලමින් රජය මෙම තීරණයට එළැඹ තිබේ.
වෙළෙඳපොළට සැපයුම් සීමා කරමින් කෘතීම සහල් හිඟයක් වී මෝල් හිමියන් නිර්මාණය කළ බවට රජය පසුගිය සතියේදී චෝදනාවක් එල්ල කළ අතර ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ තීරණය එළැඹීමට සිදුවූ බවද පැවැසුවේය.
නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් 2022 වර්ෂයේ ගැසට් කළ සහල් පාලන මිලට සහල් ලබාදිය නොහැකි බව වී මෝල් හිමියන් පසුගියදා පැවැති සාකච්ඡාවේදී රජයට පෙන්වා දුන් බව වෙළෙඳ හා වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව නාඩු, සුදු සහල් සහ සම්බා යන ජනප්‍රිය සහල් වර්ග තුනක සිල්ලර මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බවද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.
නාඩු කිලෝවක තොග මිල රු. 225 යි, සිල්ලර මිල රු. 230 යි (පෙර මිල රු. 220) සුදු සහල් කිලෝවක තොග මිල රු. 215යි, සිල්ලර මිල රු. 220යි (පෙර මිල රු. 210) සම්බා සහල් කිලෝවක තොග මිල රු. 235යි, සිල්ලර මිල රු. 240යි (පෙර මිල රු. 230). කීරි සම්බා කිලෝවක තොග මිල රු. 255 යි සිල්ලර මිල නොවෙනස්ව පවතී රු. 260 යි. ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු. 220 යි.
වෙළඳපොළේ සහල් මිල පිළිබඳව ඉදිරි දින 10 තුළ සමීපව නිරීක්ෂණය කරන ලෙසත් සහල් මෝල් හිමියන් ස්ථාවර මිලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පෑන් පාරෙන් හාල් මෝල්ලු මාට්ටු කරන්න ඇවිල්ල වෙච්ච දෙයක්.
පෙට්‍රල් 2 කින් අඩු කරල, භූමිතෙල් 5 කින් වැඩි කරල, විදුලිය වෙනස් නොකර, සහල් 10 කින් වැඩි කරල..... මහාචාර්ය පට්ටමක්ම තියෙන්න ඹීන මේක තේරැම් ගන්න.
මේ ජනාදිපති ල ඉන්නේ ලංකාවේ නෙමෙයිද ? රටේ බහුතරයක් මිනිසුන්ට 230 ට හාල් ගන්න බැහැ , ඒ ගොල්ලොන්ට නිෂ්පාදන වියදම වැඩිනම් , එක්කෝ රටින් ගෙන්න , නැත්නම් අනුර බලය නැති කාලේ වැඩේම කියෙවුව වගේ රජයෙන් හාල් මෝල් හදල මිනිසුන්ට හාල් කිලෝ එකක් 150 ට වත් ලබාදෙන්න
එක මිටට අපිට සහන ලැබෙනව. විදුලි බිලත් අඩු වුනා. තවත් සහන ඉදිරියට.
ජනාධිපතිතුමා කල් වේලා ඇතුව සහල් ටිකක් පිටරටින් ඇනවුම් කලා නම් ප්‍රශ්නයක් නැහැනේ ? ඔය රුපියල් 10 යන්නෙත් සහල් සගවපු මාෆියා කල්ලියේ සාක්කු වලට නේද ?
සහල් මිල තීරණය කිරිමට අයිතිය ඇත්තේ ගොවි මහතුන් මිසක්, මිනිස්සුගේ ලේ උරාබොන මහාපරිමාණ මොල් හිමයන්ට නෙමෙයි. මම විශ්වාස කරනවා ලබන අවුරුද්දේ ගොවි මහතුන් ණය ගෙවලා නිදහසේ හුස්ම ටිකක් ගන්න වාසනාව ලැබේවා කියලා.
ඒ කියන්නෙ බොහොම සරලව කිව්වොත් චන්දෙදි තොග පිටින් ජනතා සහන පොරොන්දු ලෙසට දුන්නු ආන්ඩුව සහල් මිල වැඩිකලා කියනා එක.ඒ ලෙසින්ම දෑතෙහි ඇගිලි ගනනටත් වඩා අඩු මහා පරිමාන සහල් මෝල් හිමියන් රැකගනිමින් ජනතාවට තවත් බර වැඩිකලා කියන එක.එතකොට කෝ මාලිමාවෙ ජනතාවාදි. ආකල්ප? චන්දෙ ගන්න කිව්වෙ බේගල් බව දැන් බොහෝම පැහැදිලියි. උන් වගෙන මුනුත් එකයි නෙවෙයි බැලූ බැල්මට උනට හපන් මුන්.
අම්මේ ඡ්නදෙට කළින් ජනතාව ගැන දුක් වුණ හැටි බලේ ගන්නකන් තමයි ඔක්කොම මායම්. දැන් කෝ සහන..? අන්තිමට දුප්පතාගේ පොකට් එකට ගහලා පොහොසතුන් රකිනවා.
මෙන්න නොහැකියාවේ වේගවත් තීන්දු. කිව්වේ එකක්... කරන්නේ තව එකක්. කතාවට විවේචනයට දක්ෂ වුණාට පාලනයෙහි ඇති නොහැකියාව බොහොම හොඳින් පේනවා. පෙට්‍රල් 2ක් අඩු කරලා භූමිතෙල් 5ක් වැඩිකළා. එතකොට අර කාන්චනගේ සාක්කුවට ගියපු 85 දැන් යන්නේ කොහේටද? විදුලි බිල අඩු වෙන්නෙත් නැතිලු. පොරේ පිටට මරේ වගේ සහල් පාලන මිල වැඩිකලේ ජනතාව රැකගන්නද? මෝල් හිමියන් රැකගන්නද? 69 ලක්ශයක් ඡන්දෙ දුන්නානේ. මේවාට පිළිතුරු දිය යුත්තෙත් ඒ මිනිස්සු... අනවශ්‍ය අත්හදා බැලීම් හැමදාමත් මේ රට ආපස්සට ගෙනිච්චා. එයට තනිකර වගකිව යුත්තේ මොලේ පාවිච්චි නොකර හැඟීම්වලින් ඡන්දෙ දිපු මුග්ද මිනිසුන්. බෙරිහඬ දීලා ස්ටේජ් උඩ අනිත් මිනිසුන්ට බැන්නාට, කට පාඩමින් ඉලක්කම් කිව්වාට විවේචකයින් කිසිම දවසක පාලනයට දක්ෂ නැති බව ප්‍රායෝගිකව අපි අත්දකිමින් ඇත.
ඇයි ඡන්දෙට වියදම් කරන්න හාල් මෝල් හිමියෝ පක්ෂයට දුන්නු සල්ලි ආපසු ඔවුන්ටම ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කිරීමක් ලෙසයි මට පෙනෙන්නේ...
හාල් ඇටයක් රජය සතු නොකරගත් රජයන් වෙනුවෙන් කතිරෙ පාවිච්චි කල අයගේ අඳෝනාව මෙන්න බලන්න. ජොනි අරක්කු බදු ගෙවනවිට, බදු නොගෙවූ ඇලෝසියස්ගෙ ව්‍යාපාර වහල සිරගත කරනවිට , පාරෙ රඟන බේබදු චන්ඩි හිටපු ඇමතිල සුනඛයන් වගේ කූඩු කරනකොට නොදැක්ක වගේ හිටපු අය හාල් පොල් අල්ලගෙන වැලලෙනව, මේ සේරම හිටපු අයගෙන් ලද දායාද බව නියම මාලිමාකාරයන් දන්නව, ඔවුන් රජයට කලක් දිය යුතු බව තරයේ සිතනව.රට විනාශකරපු අයට කතිරෙ පාවිච්චි කල පරාජිතයන්ගෙ අඳෝනා සහ කිඹුල් කඳුලු සැලකිය යුතු නැත.
සෙනෙවිරත්නගේ කතාව හරියටම හරි. මේ රට රාජපක්ෂලා, රනිල්ලා බන්කොළොත් කරලා වලපල්ලට යවලා නැත්තට නැති කරලා කුජීත කරපු රටක්. මේ රට යන්තම් වත් කෙලින් කරන්න අවුරුදු 5ක් වත් යයි. මේ හොරු සේරම දැන් මාලිමාවට බොරු චෝදනා කරනවා. නමුත් රටේ සමස්ත ජනතාවම මාලිමාවත් එක්ක ඉන්නේ...
කිසිවෙකුත් නැති කාලයේ 3% ආරක්ෂා කළෙමි. නමුත් ??????
රටේ නම් කෙළින් කරන්න දෙයක් නැහැ. රට වැටෙන්නෙ 69ලක්ෂයේ අමන අදහස්වල බර දරා ගන්න බැරැව.
බූරුවෝ වැඩිපුර ඉන්නේ පුත්තලමේද, තඹුත්තේගමද? සුමාන 2 කට කලින් අපිට රුපියල් 220ට ඩඩ්ලි ගැහුවා ! දැන් ඩඩ්ලි රුපියල් 225 ට අපිට ගහනවා ! පුත්තලම් බුරුවෙක්ගේ වැඩක් නිසා, ඌ මට ගැහුවා ! මට ඌ ගැහුවා ! වගේ සීන් එකක් තමයි වුනේ ! හැබැයි මේපාර රුපියල් 5 කුත් වැඩිපුර අරගෙන ! කොහොමද අරවින්ද අයියාගේ ටිකිරි මොලේ ! අති විශිෂ්ටයි සෑර් !
හිමීට බඩුමිල ඉහළ දමමින් විද්‍යාත්මක ක්‍රමවේදය හොයාගැනීම පිළිබඳ හදපිරි මෙව්වා එක. ඉස්සෙල්ලාම මෙයාලට ගහලා සැරටම අමතනවා. පස්සේ ජනතාවගේ පොකට් එකෙන් රුපියල් 10ක් අරගෙන ඩඩ්ලිගේ පොකට් එකට දානවා. මෝල්ලු දණගහනවා. පෑනේ තීන්තත් ඉතුරු වෙනවා.