IMG-LOGO

සහල් දඩය ලක්ෂ 50යි:මාස හයක් හිරේ

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ සහල් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි.

සහල් උපරිම මිලට වඩා වැඩි මිලට විකිණීමේ පළමු වරද සඳහා තනි පුද්ගල සමාගමකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ද, පුද්ගලික සමාගමකට ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා ද දඩ මුදල් නියම කළ හැකි බවත් දඩ මුදල සහ මාස 6 ක සිර දඬුවමක් ද නියම කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

 



අදහස් (6)

සහල් දඩය ලක්ෂ 50යි:මාස හයක් හිරේ

Bamunuarachchi Tuesday, 03 May 2022 08:39 AM

නීති තිබෙන බව අපි දන්නවා ක්‍රීයාත්මක නොවීමයි ප්‍රශ්ණය

:       0       0

Hafeel Tuesday, 03 May 2022 09:21 AM

පීඩාවට පත්වූ ජනතාවට අනිවාර්යෙන්ම සහන ලැබියයුතියි. නමුත් මේක ප්‍රායෝගිකව කල හැකිද? මොකද්ද කොයි වෙලාවක හෝ මේ ගැසට් එක ආපහු අවලංගු වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ඉතිහාසය එහමයි. අනික පාරිභෝගික කටයුතු අධිකාරියට මෙහම නීති පනවන්න පුළුවන්ද? ඩඩ්ලිට මේ නීතිය වලංගුද?

:       0       0

මුදියන්සේ... Tuesday, 03 May 2022 09:24 AM

පාරිභෝගිකයාට සහනයක් නොව මහා පරිමාණ සහල් මෝල්කරුවන්ට සහනයක් වන පරිද්දෙන් සහල් සදහා ඉහළ පාලන මිලක් නියම කොට ඇති බැවින් මෝල් කරුවන්ට සහ වෙළඳුන්ට ප්‍රශ්ණ ඇති නොවේවි. මෝල් කරුවන්ට විසින් නියම කරන ලද සහල් මිලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය පාලන මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයින්ට ලැබෙන සහනය කුමක්ද ?

:       0       0

වර්ණකුලසූරිය Tuesday, 03 May 2022 02:13 PM

ඔය කියන මිළට හාල් අපට හම්බ වෙන්නෙත් නැහැ. දඩ ගෙවන හෝ හිරේ යන කෙනෙක් දකින්නත් නැති වෙනවා. පාලකයන් ජනතාව රවටන එකේ අවසානයක්ද නැත. පාලන මිළට බඩු ගන්න පෝලිමේ ලැගලා සතොස හිස් බක්කි දැකබලා ගෙන ගෙදර යන්න ජනතාවට සිදුවෙන එක නම් සිකුරුයි.

:       0       0

Saman Tuesday, 03 May 2022 09:19 PM

බඩු මිල අයාලේ යනවා, විහිළු සපයන්න එපා.

:       0       1

RM යශෝධ කුමරි Thursday, 05 May 2022 12:03 PM

දඩය හොඳයි, හැබැයි සහන මිලක් රජයෙන් ලබාදෙන්න නාඩු සහල් කිලෝ 1ක් රුපියල් 100 වුණාට කමක් නෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 175 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1070 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site