
(ජේ. ඒ. එල්. ජයසිංහ)
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලියන 2. 46 ක් , බැවින් අතිරික්ත වී තොගයක් මෙරට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ කේ. බී ගුණරත්න මහතා පැවසීය.
රටේ උද්ගත ව පවතින අධික සහල් මිළ සහ සහල් රටින් ගෙන්වීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයා මෙසේ පැවසීය.
2022 වසරේ හැර සෑම වසරකම ඒ ඒ රජයන් මාස තුනකට සහල් අතිරික්තයක් පවත්වාගෙන ආව, රසායනික පොහොර තහනම නිසා ඇතිවූගැටළුව හේතුවෙන් 2022 වසරේ සහල් මෙට්රික් ටොන් 800000 ක් ආනයනය කිරීමට ඇමරිකානූ ඩොලර් මිලියන 400 ක් වැය කලා ඒ නිසා රටින් සහල් ආනයනය කිරීම අවශ්‍ය නැහැ. නිවරුදි ආකාරයට ලැබූණ අස්වැන්න සහල් කලොත් ලංකාවේ මේවසරේ මෙට්රික් ටොන් 42200 ක් පමණ සහල් අතිරික්තයක් තිබිය යුතුයි.
තාමත් වී වලින් සියයට 40 ක් =40%) පමණ ගොවියා සතුව හෝ වී මෝල් හිමියන් සතුව හෝ සඟවා තබාගෙන තිබෙන්නට ඕනේ,මේවා පිටතට ගැනීම සඳහා නීතීමය ක්‍රියාමාර්ග ගැනීම රජය සතු කාර්යයක්.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
බකල ජයා Monday, 25 November 2024 03:31 PM
මේ එයාගෙ කාලයේ නීති මාර්ගයෙන් තොග එලියට ගත්ත කෙනෙක් වෙන්න ඕන.
sugath dissanayaka Monday, 25 November 2024 03:59 PM
අළුතින් ආණ්ඩුවක් ඇවිල්ලා සති දෙක තුනකින් රටේ හාල් හිඟයක් තියෙනවානම් හිටපු ආණ්ඩුව ගෙදර යවපු එක සාධාරනයි කියන්න ඒ හේතුවම ඇති. හිටපු ආණ්ඩුව වී ගත්තා කිව්වට රජයේ ගබඩාවල වී නෑ. මේ හිටපු අධ්‍යක්ෂකතුමා දන්නෙත් නෑ ඉතිරි වී කොහෙද තියෙන්නේ කියල. ඒ කියන්නේ එයාලා වැඩේ කරලා නෑ. හිටපු අධ්‍යක්ෂකත් දන්නේ නැත්තන් වී තියෙන්නේ කොහෙද කියලා මෝල් පීරා පීරා ඉන්න බෑ හාල් පිටරටින් හරි ගේන්න ඕන.
ජයනාත් Monday, 25 November 2024 05:21 PM
කරුණු දෙකක්... එකක් එයාගේ කාලේ කරන්න තිබුණු වැඩ හරියට කලේ නැහැ. මෝල් කාරයොත් එක්ක ඩීල් දාගෙන හිටියා. අනෙක මේ හිඟවෙලා තියෙන්නේ නාඩු හාල්. රටේ අවශ්‍යතාව පරිදි වගාවන් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිඳු වැඩ පිළිවෙළක් මෙතෙක් කල් ක්‍රියාත්මක කලේ නැහැ. තනිකරම මෙතෙක් කල් කෘෂිකර්ම අමාත්‍යාංශය නිදාගෙන හිටියේ...
Ruwan De Silva Monday, 25 November 2024 06:22 PM
මේයා දැන් විකාර කියනවා, එදා අසූචි පොහොර ගෙනකොට කොමා එකේ හිටිය අයට දැන් ආයෙත් පියවි සිහියට ඇවිල්ලා. මාස 3කට කලින් වැහැපු වැස්සට වගේම අද ඊයේ වැස්සටත් කුඹුරු ටික හේදිලා ගියා කියලා දන්නේ නැද්ද...?