
(අංජුල මහික වීරරත්න)
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.
මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.
රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.
වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසීය.
ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.
නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.
දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය .
එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරාජා මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මලරමති ගංගාතරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ. වාසල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඒ.එල්. චන්දික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පෑන් පාරෙන් පුළුවන් කියපුවාට දැන් කෙවිටකුත් ඕනේලු...!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉක්මණින්ම සහල් - පොල් සහ වෙනත් අත්‍යාවශ්‍ය අහාර ගැටළුවට විසඳුම් නොලැබුණොත් කාන්තාවන් එකමිටට නැගිටීවි. මලිමාවට ඡන්දය දුන් කාන්තාවන්, හවුල් ආණ්ඩුවට බනිනවා. රටේ මිනිසුන්ව පොරොන්දු දීලා ඡන්දය ලබාගෙන ඡන්දේ දුන්නු දවසේ ඇඟිල්ලේ ගාපු තීන්ත මැකීයාමටත් පෙර මිනිස්සුන්ට බොරු කරන ආණ්ඩුවක් කියලා....
අම්මෝ දැන් ඉතින් ඉවරයි... අන්න කෙවිට අරගෙනලු. ඒක විසඳනවා කිව්ව කෙනාට මොනවටද කෙවිට? තවත් ගැලරිය අමතන කතා දාන්න එපා... පච විතරයි...
ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙන නව මිල ගණන්වලට අනුව තොග මිල සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහකි. තොග වෙළෙඳුන්ගෙන් මිලට ගෙන යන සිල්ලර වෙළෙඳුන්ට ලැබෙන්නේ රුපියල් පහක් පමණයි. එම රුපියල් පහෙන් ප්‍රවාහන ගාස්තු, පැටවීම සහ බෑම ගාස්තු ගෙවීමටත් ලාබයක් උපයන්නටත් එය කිසිසේත්ම ප්‍රමානවත් වන්නේ නැත. එබැවින් මෙම තත්ත්වය ප්‍රායෝගික වන්නේ නැත. මෙහි මෝල් හිමියන්ට යම් වාසිදායක බවක් පෙනෙන්නට ඇත.
ගත්ත කෙවිටෙන් ඡන්දේ දුන්නු අයට ගහන්න ඕනෑ. 220ට තිබ්බ හාල් නාඩු කිලෝව 230 කරන්න ජනපති ඕනෑ නැහැ. ඒවා මුදලාලිලාට පුළුවන් වැඩ. ජනපති ඉන්න ඕනෑ ජනතාව පැත්තේ. 220 එක අඩු කරලා දෙන්න...!
නියමයි. හාල් මල්ල මාෆියා කාරයින් ජනතාව සූරන් කාලා සැප විඳින කාලකණ්ණි.
මාධ්‍ය සන්දර්ශන… රට ඩයස්පෝරා එකට විකුණමින්...
කෙලින් කථාව. මරේ මරු. තැටමිලි නෑ, නැලවිළි නෑ, සහෝදරයා, ඔබට අපේ ප්‍රණාමය...!
අපි ඔබට සහ NPP ට 2/3 ක බලයක් ලබා දුන් අතර ඒ සඳහා නිශ්ශබ්දව සහ ස්වාධීනව බිම් මට්ටමින් වෙහෙස මහන්සි වී වැඩ කළෙමු. අපගේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත සාධාරණ මිලකට දෝෂ රහිතව සැපයීමට නව නීති සම්පාදනය කරන්න. ඔබ ගැනීමට තීරණය කළ හැකි ඕනෑම දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා අපි සියල්ලෝම ඔබ පිටුපස සිටිමු.
ජනාධිපතිතුමා ඔබ හරි. මුලින් හොඳින් කටකාර ප්‍රශ්නය නිරාකරණය කිරීමට උත්සාහ කිරීම සහ එහෙම බේරෙනවා කිව්වට ඇත්තටම ගැනීම..
සොරුන්ගේ රජවරු දෙන්නෙක්...
තොග සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහකි. සිල්ලර වෙළඳාමට අදාල පැටවීම, බෑම සහ ෂොපින් මලු යන වියදම් දැරීමට කිලෝවකට රුපියල් පහක් ප්‍රමාණවත් වන්නේ නැත. සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය ද සාකච්ඡාවට ඇතුළත් කරගෙන වඩාත් ප්‍රයෝගික මිල මට්ටමක් සකස් කළ යුතුයි.
තව ටික දවසක් යනකොට ජනතාව කෙවිට අතට ගනියි...
කෙවිට අතට ගන්න ඕනේ, මේ වගේ පතෝල, වැටකොළු පෙඳ ආණ්ඩුවක් පත් කරලා එවපු මාලිමා අම්බරුවන්ට ගහන්න...!
ඉතාම හොඳ තීරණයක්...
පාර තියන්නැහැ කෝණෙන්... පාර තියන්නැහැ කෙවිටෙන්... ජහ පුතා
රජය සතුව වී තොග තිබුණි නම් මෙසේ මෝලුන්ට හිතුමතේ කටයුතු කළ නොහැකිය. යමෙකු මෙහිදී රජයට දොස් තබන්නේ නම් කළ යුත්තේ හිටපු පාලකයින්ට පළමුව දොස් තැබීමයි. මෙම ප්‍රශ්නයේදී ජනතාව රජය සමගය, පරාජිතයින් තම දුක මඩ ලෙස ප්‍රදර්ශනය කරයි...
මෙහෙමත් ගොන්නු ඉන්න රටක්...
කාටවත් දොස් කියලා වැඩක් නෑ... අතෑරලා දාපු වී අලෙවි මණ්ඩලේ ගබඩා ටික අලුත්වැඩියා කරලා ලෑස්ති වෙන්න මහ කන්නේ අස්වැන්නෙන් කොටසක් රජයට මිලදී ගන්න. බොරු රඟපෑමයි අනිත් අයට චෝදනා කරන එකෙනුයි අපිට වැඩක් නෑ...
අමල්ට කියන්න තියෙන්නේ වැටකොළු පතෝල ආණ්ඩුව තමයි අර ලොහාන්ලා වගේ මැරයෝ බල්ලෝ වගේ කූඩුවට දැම්මේ, ඒ වගේ අයගේ මාර්ග සංදර්ශන නතර කළේ, තමුන්ලා ඒ කාලේ අයට පාරේ කාණුවලට බැහලා ඉඩ දුන්නා තමයි. ඉස්සරහට එහෙම කාණුවලට බහින්න එපා ඔවුන්ගේ යුගය ඉවරයි. ඒ වගේම අරක්කු බදු නොගෙවපු බලවත්තු පූසෝ වගේ බදු ගෙව්වා, නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කළා, ඒවගේ ඒවාට කට පියාගෙන හිටපු අයට ඡන්දේ පුදලා මේ රජයට වැටකොළු පතෝල කියන්නේ පහුගිය ආණ්ඩුවෙන් කාපු අයම වෙන්න ඕනෑ.
දායක සභාවේ අය හෝදනවා හේදිල්ලක් ලොවෙත් නැති වෙන්න. දැන්වත් තේරුම් ගනිල්ලා රැවටිලා ඉන්නේ... ලැජ්ජයි තමයි. ඒත් මොනවා කරන්නද?
ඉස්සර කිව්වේ කොහොමද? දැන් සතියෙන් බැහැ.. මාසෙන් බැහැ.. අවුරුද්දෙන් බැහැ.. අවුරුදු පහෙන් බැහැ. ආයේ විපක්ෂයට ගිය දවසකට ඔක්කොම ක්‍රම දන්නවා.. පචම පච...
ඔහොමම කෙවිට අරගෙන රාජාංගණේ පින් ළිඳ සංගමයට යන්න...
ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න ආපු දූෂිත දේශපාලුවෝ රටම හොරාකාලා කාබාසිනියා කරපු හැටි මතක නැති මොලේ...!
අපි මාලිමාවට රැවටුණාද මන්දා...?
රජයට අයත් විශාල සහල් මෝලක් අතහැරලා දාලා තියෙනවා. මේක නැවතත් ක්‍රියාත්මක කරලා රජය විසින් ඉදිරි කන්න වලදී වී මිලට ගෙන සහල් කර සතොස හරහා විකුණන්න වැඩ කරන්න. ඔය ඉන්න සියළුම ව්‍යාපාරිකයින් අවස්ථාවාදීන්. ඩඩ්ලි සිරිසේන කරලියට පැමිණියත් හරි සහල් ප්‍රශ්නය රටේ ඇති කරේ.