
(මහින්ද නිශ්ශංක)
මෙරටට සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 දා දක්වා දීර්ඝ කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
සහල් හිඟයට විසදුමක් වශයෙන් සහල් ආනයනය කිරීමට ලබා දී තිබූ කාලය අදින් (20) අවසන්වීමට නියමිතව තිබුණි.
මේ වනවිට පෞද්ගලික ආයතනයකරුවන් විසින් සහල් මෙට්‍රික් ටොන් 35600 ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.
රජය මගින් ද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද ඊයේ (19) වනවිටත් රජය සහල් ආනයනය කර නොතිබූ බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NPP එක නාගන්නවා වගේ... ගෝඨාභය අංක 02 වෙගෙන එනවා වගේ... කිසිම ප්ලෑන් එකක් නැතිවනේ වැඩ කරන්නේ. අපි හිතුවේ නැහැ මෙහෙම දේවල්. කෝ ඉන්නවා කියපු ආර්ථික ඔස්තාර්වරු? මිනිස්සු මේ වෙලාවේ රැවටුණා වගේ...
රජයේ සහල් අද වනවිට දිවයිනට ළඟා වෙන බවයි කියන්නෙ.
පසුගිය කාලේ හාල් ගෙන්නන කොට, දූශිතම ආණ්ඩුවත් අඩුම ගානේ ටෙන්ඩර් පටිපාටියට හාල් ගෙනාවේ ! ඒකට දැන් ආණ්ඩුව, පිටකොටුවේ හාල් වෙළෙන්ඳන්ට තූත්තුකුඩියෙන් ඕනෑම ගුල්ලෝ ගහපු හාලක් ගෙනැල්ලා, මාලිමාවට ඡන්දෙ දීපු බත්කන හරක් 68 ලක්ෂයට කවන්න පුළුවන්...!