
(යොහාන් භාසුර)
රට තුළ නිර්මාණය වී ඇති සහල් අර්බුදය නිමා කිරීමට නම් පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් පනස්දහසත්, ලක්ෂයත් අතර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවත් ආණ්ඩුව ඒ සඳහා පහසුකම් නොදෙන්නේ නම් ඔවුන් ඉන් ඉවත්වීමේ අවදානමක් ඇති බවත් ආනයනකරුවෝ පවසති.
ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ධ අඩු කිරීමට හෝ ආනයනික සහල් මිල ඉහල දැමීමට හෝ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය ද ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් ආනයනකරුවන් බොහොමයක් ඉදිරියේ සහල් ඇනවුම් කිරීම අතහැර දැමූ බවත් ආනයනකරුවෝ කියති.
බැංකුවලින් මහා පරිමාණයෙන් ණය සපයා ඇති මහා පරිමාණ මෝල්හිමියන්ට රජයේ පාලන මිල වෙනස් කරමින් තවත් රුපියල් 10 ක් දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඒ හේතුවෙන් මහා පරිමාණයේ මෝල්හිමියන්ට තවත් අමතර මිලියන 50 ක 60 ක ලාභයක් ඉපයීමට අවස්ථාව උදාවූ බවත් ආනයනකරුවෝ කියති.
වීමෝල්හිමියන්ට ජනතා මුදලින් අමතර රුපියල් 10ක් දුන් ආණ්ඩුව බද්ද අඩු කිරීමට කටයුතු නොකිරීම පිළිගත නොහැකි බවද ආනයනකරුවෝ සඳහන් කරති.
පෞද්ගලික ආනයනකරුවන් මේ වන විට ඇනවුම් කර ඇති සහල් තොග මේ මස 20 වැනිදාට පෙර කොළඹට ළගා විය යුතු බවත් මෙම තත්ත්වය යටතේ ආනයනකරුවන් ඉදිරියේදී සහල් ඇනවුම් කරනවාද යන්න සැක සහිත බවත් ඔවුහු කියති.
ආණ්ඩුවේ ආයතන දෙක වන ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යන ආයතන දෙක පළමුවේ ආනයනය කිරීමට බලාපොරොත්තුවන සහල් මෙට්‍රික්ටොන් 10,400 ක ප්‍රමාණයද මේ දක්වා ලැබී නොමැති අතර ඊයේ පස්වරුව වන විට ද රට පුරා සහල් හිඟය දැඩිව පැවතුණි. මේ පිළිබඳව දැනගැනීමට ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ ආනයනික සහල් විශාල තොගයක් ඊයේ පස්වරුව වන විටත් කොළඹ වරායට ලැබී නොතිබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝල්කාරයෝ එක්ක ඩීල් එකක් නැත්නම් හාල් ප්‍රශ්නය මෙච්චර ඔඩු දුවන්නේ ඇයි?
ඇත්තම කතාව පෞද්ගලික අංශයේ එකම බලාපොරොත්තුව ලාභය පමණයි. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ වෙනස.
අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ආදරයෙන් කියමි. NPP එකේ නිහතමානිකම නීතිපති ඇතුළු ඔක්කෝම නිවටකමක් කියලා හිතන්නේ... 2/3 බලයක් මිනිසුන් දුන්නේ මේ රට මකලා හරි හදන්න ආණ්ඩුවට කෙලවෙනකල් ඉන්නේ නැතිව මහජන බලය පාවිච්චි කරන්න..!
මොවුන් ඔක්කෝම කළ දුටුකළ වල ඉහගන්න හදන අමනයෝ. ඔය ආනයනය කරන හාල්වලට රජයේ රු 65 බද්ද සමග වියදම කිලෝවකට රුපියල් 200 කට අඩුවෙන් යන්නේ. ඒ නිසා ආනයනික සහල්වලට රු 220 පාලන මිලත් හොඳටම වැඩියි...
රජයේ ආයතනයක් හරහා සහල් ආනයනය කරන්න බැරිද දන්නෑ... එතකොට පුද්ගලික ආනයන කරුවන් ඕනෙම නෑනේ. පොඩි ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්නේ...!