(නිමල කොඩිතුවක්කු)
පවතින ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් අමාත්‍යවරයා පත්වූවාට පසුව, ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කරයි.
"නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන් අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කොටගෙන තවත් මරු පහරක් එල්ලකොට තිබේ.
ඒ එතෙක් ලබාදුන් රු.5000/=දීමනාව වෙනුවට රු.1998ක "ඊනියා සහන මල්ලක්"ලබා දෙන්නට තීන්දු කිරීම ය. එයද ඇනවුම් කළවිට අයකිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප්‍රකාශ සාවද්‍ය ය. පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වෙයි.
වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර,ඉන්ධන,ගෑස්,හාල්, ඖෂධ,පාන් ඇතුලු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.
මේ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි උවමනාවෙන් යුතුව සිටින බවද දන්වා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැටි කතා කිය කිියා කාලෙ නොකා එක්කො මේ වසංගතය අවස්ථාවෙ වචනයකින් හරි රජයට සහය දෙන්න ඕන . නැත්නම් පාඩුවේ ඉන්න ඕන. මේක දේශපාලනය කරන කාලයක් නෙවෙයිනෙ
බලාගෙන ඉන්න ජිවිත කාලෙටම, බලාගෙන තමයි ඉන්න වෙන්නේ.
රට වහනකම් වහන්න කියලා කෑ ගැහුවා. දැන් සහන දෙන්න කියලා කෑ ගහනවා.
පෝය පහුවෙලත් අඩුවක් නැහැ නේද.... ඒ කියන්නේ උගත් බුද්ධිමතෙක්ම තමයි.... පව් අසරණය...
ඔබතුමා හිටියානම් පියා 1989 දීපු කෑම වට්ටෝරුවම තමා.
අනේ අම්මපා ලෝකෙටම වෙලා තියන දේ මේ යොදයන්ට තේරෙන්නේ නැති හැටි.?
පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද හලෝ.....
කොවිඩ් හැදිලාවත් බල තණ්හාව නැති කරගන්න බැරි හැටි.
සජිත්ට අනුන්ගෙන් යැපිමේ මානසිකත්වය ඇරෙන්න වෙන කිසිම දැක්මක් නැහැ. ඡන්දය ඉල්ලපු කාලෙදි කිව්වෙත් පිට රටින් ණය වෙනුවට ආධාර අරන් දුප්පත් අයට දෙනවා කියලා. නිකං දෙනකං බලාගෙන ඉන්නේ නැතුව දුප්පත් කමින් මිදිලා ඔලුව උස්සන සංකල්පයක් නෑ. අනික තමයි දේශපාලන ලකුණු දාගන්න හැරෙන අතට මොනවාහරි බේගලයක් කියන එක. ඔය සහන මල්ල අදත් දෙනවා කොරෝනා හැදුණු ගෙවල්වලට. එකම දෙය තමයි අඩු ආදායම් ලාභීන්ට පමණක් දැන් දෙන එක. මාසෙකට ලක්ෂයකට වඩා ආදායමක් ගන්න අපේ දන්නා පවූලකුත් ඕක ගත්තා පහුගිය කාලේ. ඉතින් ඒක සාධාරණය කරන්නේ සජිත්ට දුප්පතුන් ගැන කැක්කුමක් නැති නිසාද. අනික
ඔහොම කියවන්න එපා.
මේ මනුස්සයා මේ කොමෙන්ට් බලලවත් හැදෙන්නේ නැත්ද මන්දා. ලකුණු කපා ගන්න එකමයි කරගන්නෙ.
මේවායින් පෙනෙන්නේ රටට ආදරේ බවක් නොව, බල කෑදර කමට, කිබුල් කදුළු හෙලිමක් බව ඕනිම කෙනෙකුට පැහැදිලිවම පේනවා.
විපක්ෂනායකතුමා සහනමළු ගැන කථාකරනවා පමණයි පොලොන්නරුවෙ කාගේදෝ අදහසකින් පරාක්‍රම සමුද්‍රයේ වැවේ රළපනාවේ (කොමිස්කුට්ටියට) ඇවිදින මංතීරු සකසනවා. රටේ තැනතැන විනාශ කරනවා මේවා ගැනත් අදහස් පලකරන්න නැත්නම් ඔබට ජනාධිපති වෙලා පාලනයට රටක් නැතිවේවි.
තාත්තාගේ කාලේ නිදන් කඩල හොරකම් කරපු ගොඩගහගෙන තියෙන දේපොළ වලින් ටිකක් බෙදාදීමට හිතුවොත් නරකද
දෙවෙනි ලෝක යුද්දය කාලේ රටේ මිනිස්සු බජිරිත් කෑවා. ලැවරියා තිබුනේ නැහැ.