
(අංජුල මහික වීරරත්න)
මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.
දක්ෂතාවය,නිපුණතාවය සහිත මානවීය ගුණාංග වලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව ද අමාත්‍යවරයා කීය.
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථාන 10 ක සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කළ සහතික පත්‍රලාභී සිසුන් 1217 දෙනකුට NVQ level 4, NVQ level 5 සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්විණි.
පොහොසත් රටක් නිර්මාණය කිරීමට වෘත්තීය දක්ෂතාවයෙන්, නිපුණතාවයෙන් යුක්ත මෙන්ම මානවීය ගුණාංග වලින් හෙබි යහපත් සංවේදී තාරුණ්‍ය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිප්ලෝමා ගන්න අන්දන් ඉන්නේ උපාධි ලෝගු හිස් ආබරණ, ඔන්න ඔහොමයි ප්‍රශ්නයේ මුල
බලය ලබා ගන්න මාර්කට් කළේ නම් මනුස්සකමට වඩා සහතිකවලවත් නැති උගත්කමක්....
සහතික ඇත්ත. කොච්චර සුදුසුකම්, සහතික තිබ්බත් වැඩක් නැහැ ඔලමොට්ටල වැඩ සහ හොරකම් කරනව නම්
ඒක ඇත්ත. ඔය ටික බොරු සහතික ඉදිරිපත් කරපු මාලිමා මන්ත්‍රී නඩයට කියලා දෙන්න. මොකද, බොරු කීම සියලු පාපයන්ගෙන් නින්දිතම පාපයක් නිසා.
සහතික වලට වඩා වටින්නේ මනුස්සකම තමයි, ඒ වුණාට තමන්ට නොතෙමී සුදුසුකම් පෙන්වීම හොඳ දෙයක් නොවේ. අන්තිමට කවදා හෝ තමන් අපහසුතාවයට පත්වෙනවා එමගින්...!
ඒ කියා තිබෙන ගතිගුණවලට එකතු විය යුතු තවත් වැදගත්ම ගුණයකි, දේශ ආලය. වත්මන් තරුණ තරුණියන් බහුතරයක් අතර නැති ම ගුණයත් එයයි. ඊට දෙමව්පියන් මෙන් ම අධ්‍යාපනය ක්‍රමය ද වගකීම භාරගත යුතුය. දෙමව්පියන් දරුවන්ට උගන්වන්නේ, "විදේශගතවී ධනය කන්දක් උපයන්න යනුවෙනි". ස්වාධීනව සිතීමට සහ විසඳුම් සෙවීමට සිසුන් යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් පාසල්වල නොමැත. එවැනි පරිසරයක් තිබෙන රටක ව්‍යවසායකත්වයක් ඇති වන්නේ කෙසේද? විජය කුමාරයා මෙරටට පැමිණි අවස්ථාවේදීත් කුවේණිය කපු කැටමින් සිටි නමුත්, 21 වන සියවසේ 24 වසරක් ගතවෙද්දීත් මෙරට සිසුන්ට නිල ඇඳුම් ලබා ගන්නේ වෙනත් රටවලින් ආධාර ලෙසිනි.
නැති සහතික තියෙනවා කියන එක පිලිගන්න එක මාර මනුස්සකමක්
ඩිග්රි වලට දෙන්නෙත් නෑ / ඩිග්රි වලට ගන්නත් නෑ මනුස්සකම මිනිස්සුනේ / ආචාර්ය වික්ටර් රත්නායක මහතා.
ඔව් ඔව්... එක එහෙමනම් ඇයි කතානායක තුමා සහතික නොපෙන්නුවේ පාර්ලිමේන්තුවේ
මනුෂ්‍යයෙක් වෙලා උපත ලබන සෑම කෙනෙකු ළඟම අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණයක් මනුස්සකම. අද ඉහළ උපාධි අරගෙන ඉහළ තනතුරු දරණ ගොඩක් නිලධාරීන් ළඟ ඒ් ගුණය චුච්ටක්වත් නෑ. ඒ් උගත්කම සහ තනතුරු නිසා මහ පොළොවට උඩින් ඉන්න උත්සහ කරනවා. අධි මාන්නයෙන් ඉන්නේ.. උපාධි නැති, පහළ ශ්‍රේණිවල රැකියා කරන අයව වහලුන් වගෙයි සලකන්නේ... මේ ක්‍රමය රට පුරාම ව්‍යාප්ත වෙලා. මේ රටේ ජීවත්වෙන ගොඩක් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා ඒ් අයට තමන්ගේ දරුවන්ට ඉහළ උපාධියක් අරගෙන දෙන්න වත්කමක් නෑ. ඉගෙන ගන්න දරුවන්ගෙන් 10% වගේ පිරිසක් රජයේ විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නවා. අනිත් අයගෙන් මුදල් යහමින් තියෙන අය එයාලගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරලා ඉහළ උපාධි ලබාදෙනවා. ඒ සඳහා ලොකු මුදලක් වැය වෙනවා. හැම එකක්ම රුපියල් ලක්ෂ 10කට වැඩියි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ රටේ හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ. ඒත් ඒ දරුවන්ට ඒ සඳහා ගෙවන්න මුදල් නැහැ. ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබාදෙන්න ඕනේ. මේවා කරන්න රජයට මුදල් නෑ. මුදල් සොයාගන්නා ක්‍රම තියෙනවා. සියලු රට වැසියන්ට යහපත වේවා!!!
කිසිම වරදක් නොකරන සුද්දවන්තයෝ කියලා හිතාගෙන ඉන්න අයත් කොමෙන්ට්ස් කරලා... මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු, කපටි කයිරාටික අය වගේම කිසිම විනයක් චාරයක් නැති මදාවියෝ, වගේ හැසිරුණු අයත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ...