(නිමන්ති රණසිංහ)
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදිත ව මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර කෝවිඩ් ආසාදිත වීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ වන විට සහකාර පොලිස් අධිකාරී වරයාද කොවිඩ් ආසාදිත ව කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද ඉකුත් සතියේදී කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ බවද සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි
කණගාටුදායක පුවතක් ඉක්මන් සුවය වගේම මිය ගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා.
මේ තරම් විනාසයක් කොව්ඩි නිසා. හරිම කණගාටුදායකයි
දුක්බර පුවතක්
කණගාටුදායකයි... නිවන් සුව ලැබේවා...!!!
මමත් කොරෝනා හැදිච්ච 60 පැනපු කෙනෙක්. මේ තරුණ අය මියයාම ගැටළුවක්..., මුල් දිනවල ප්‍රවේශම් සහගත නොවීම වෙන්න පුළුවන්... එක්කෝ උපතින් ශ්වසන රෝග. ඔය තරාතිරම් වල අය කොහොම හරි වැක්සීන් කරගන්න ඇති. මට නම් ඔය කියන අමාරු ආවාට කැස්ස සහ සෙම තිබුණෙම නැහැ...
හරිම කණගාටුයි
දවසට දෙසීයකට වැඩිය සාමාන්‍ය මිනිස්සු මැරෙද්දී මේක විතරක් විශේෂ ප්‍රවෘත්තියක් වෙන්නේ ඇයි?
ඇසීමටත් දුක්ඛිත පුවතක්...
කොලිවුඩ් ඇමැති රෝගයක් තිබෙන බව මෙම පුවතින් ඔබ පළමුවතාවට ලොවට හෙළි කර තිබේ. කොලිවුඩ් කියලා රෝගයක් තිබෙනවා ද? එය නිවැරදිද?
මේ මාරාන්තික රෝගය සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. එබැවින් හැමෝම ප්‍රවේශම් වෙමු. නැතිනම් මෙවන් කණගාටුදායක පුවත් ඉදිරියටත් බොහෝ අහන්න බලන්න වේවි. එම නිලධාරීතුමන්ට අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.. හිත හදා ගැනීමට එතුමන්ට ශක්තිය දිරිය ලැබේවා... !!!
පොලිසියේ කළ කමක් පල දුන්නාවත්ද?
තවමත් මේකෙ බරපතලකම නොදැන අර පාර්ලිමේන්තුවේ මීහරක් ටික කෑගහමින් සතුටින් ඉන්නේ. අහිංසක ජනතාවගේ ජීවිත ගැන අවතක්සේරු කරමින් කොරෝනාව ගරානාවක් කරගෙන අහිංසක අපෙන් එක එක ක්‍රමවල් හදාගෙන ගසාගෙන කනවා නේද?
අර නන්නත්තාර වෙච්චි දේශපාලන පුත්තලම් බූරුවා කිව්වා මේක නිකන් හෙම්බිරිසාවක්යැ කියලා. හදාගෙන බලාපල්ලකෝ හෙම්බිරිස්සාවේ රඟ...
මේ වෙච්ච වින්නැහියට අපේ නායකයින්ට සාප වෙන්න ඕනෑ...!