(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ සිසුවියක් පාසල අවසන් වී දිවයමින් සිටියදි 10 දින එකවර පාසල් භුමියෙ ඇද වැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 12 හැවිරිදි මොහොමඩ් ෆයිසාර් ෆාතිමා රහ්නා නැමති මනල්ගුන්ඩුව පදිංචි දැරියකී.
මෙම දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 9 දරුවා බව කියයි.
දිව යමින් සිටියදී එකවර ඇද වැටි ඇති බවත් ඒ සමගම ඇය සිහිසුන්වි තිබු බවත් දැරියට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවර ගුරුවරියන් කෘතිම ස්වශනය ලබා දෙමින් ඇය ප්‍රකෘති තත්වයට ගැනිමට උත්සහ කර ඇති නමුත් දැරියට සිහිසුන්වු දැරිය නිසි තත්වයට පත්වී නැති බව කියයි.
පසුව පුත්තලම මූලික රෝහලට අදාල දැරිය රැගෙන විත් ඇති නමුත් ඒ වන විටත් මරණයට පත්වි සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.
පවුලේ ඥාතින් පවසන්නේ මෙයට පෙර මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොතිබු බවත් නිරෝගී තත්වයෙන් සිටි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේවට වගකියන්නේ.
වහාම මෙයට පරීක්ෂණයක් කරන්න .මොකද අද කාලේ විදුහල්පතිවරු හැසිරෙන්නේ පිස්සුවෙන්
අපගේ බලවත් කණගාටුව පල කරන අතර පුවතේ සැගවුන කතාවක්ද ඇති බව පෙනේ දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 9 දරුවා බව කියයි
දරුවන් 11 ක් වදන දෙමාපියන් දරුවකුගේ සෞක්ය තත්ත්වය ගැන අවබෝධයක් තියෙනවා කියල හිතන්න පුලුවන්ද? ඔවුන්ට මූලික දැනීමක්වත් නැහැ නේද?
කරුණු කාරණා නොදැන අපිට එහෙම නිගමනයකට එන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.පවුලක ඉන්න ළමයින් ගණන නෙමෙයි වඩා වැදගත් .මෙය අස්වාභාවිකව ඇති උන ස්වාභාවික මරණයක් විය හැකිය