(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ සිසුවියක් පාසල අවසන් වී දිවයමින් සිටියදි 10 දින එකවර පාසල් භුමියෙ ඇද වැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 12 හැවිරිදි මොහොමඩ් ෆයිසාර් ෆාතිමා රහ්නා නැමති මනල්ගුන්ඩුව පදිංචි දැරියකී.
මෙම දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 9 දරුවා බව කියයි.
දිව යමින් සිටියදී එකවර ඇද වැටි ඇති බවත් ඒ සමගම ඇය සිහිසුන්වි තිබු බවත් දැරියට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවර ගුරුවරියන් කෘතිම ස්වශනය ලබා දෙමින් ඇය ප්‍රකෘති තත්වයට ගැනිමට උත්සහ කර ඇති නමුත් දැරියට සිහිසුන්වු දැරිය නිසි තත්වයට පත්වී නැති බව කියයි.
පසුව පුත්තලම මූලික රෝහලට අදාල දැරිය රැගෙන විත් ඇති නමුත් ඒ වන විටත් මරණයට පත්වි සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.
පවුලේ ඥාතින් පවසන්නේ මෙයට පෙර මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොතිබු බවත් නිරෝගී තත්වයෙන් සිටි බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිසුවියක් පාසලේ දී ඇද වැටී මිය යයි
Prase Tuesday, 11 October 2022 06:10 AM
කවුද මේවට වගකියන්නේ.
Gil olie Tuesday, 11 October 2022 08:42 AM
වහාම මෙයට පරීක්ෂණයක් කරන්න .මොකද අද කාලේ විදුහල්පතිවරු හැසිරෙන්නේ පිස්සුවෙන්
Baudda api Tuesday, 11 October 2022 08:47 AM
අපගේ බලවත් කණගාටුව පල කරන අතර පුවතේ සැගවුන කතාවක්ද ඇති බව පෙනේ දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 9 දරුවා බව කියයි
Nivan Tuesday, 11 October 2022 09:32 AM
දරුවන් 11 ක් වදන දෙමාපියන් දරුවකුගේ සෞක්ය තත්ත්වය ගැන අවබෝධයක් තියෙනවා කියල හිතන්න පුලුවන්ද? ඔවුන්ට මූලික දැනීමක්වත් නැහැ නේද?
මොහොඩයාTuesday, 11 October 2022 11:31 AM
සහතික ඇත්ත
fairoosTuesday, 11 October 2022 12:13 PM
හැම දෙයක්ම වපර ඇසින් බලන්න එපා. ළමයි 11 නෙවෙයි එක් අයෙක් වැදුවත් රැක බලාගන්න දැනගන්න ඕනි.
Bunny Preena Tuesday, 11 October 2022 11:39 AM
කරුණු කාරණා නොදැන අපිට එහෙම නිගමනයකට එන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.පවුලක ඉන්න ළමයින් ගණන නෙමෙයි වඩා වැදගත් .මෙය අස්වාභාවිකව ඇති උන ස්වාභාවික මරණයක් විය හැකිය