(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකි. මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිණිස උපකාරක පන්තිවල ශිෂ්‍යභාවය ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමඟ මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්හිටවූ සිරදඬුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණය කර ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සැකකරු ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමෙන් පසුව පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරීක්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් දුරකථන විශ්ලේෂණ වාර්තා ද කැඳවා තිබේ.
මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කර සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කර ඇති බවද පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය සමඟ සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළැයි පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් ද සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරද මේ අහන්න දකින්න ලැබෙන්නේ..? එක පාරක් අවුරුදු 15ක දැරියක දූෂණය කළ කෙනාට ඇපදෙන මේ නීතිය වහාම වෙනස් වෙන්න ඕනෑ. මේ නීතිමගින් හැමදාම විඳවන්නේ අහිංසකයින්, වින්දිතයන් පමණයි..
මෙයාව අත්අඩංගුවට අරගෙන විතරක් නම් වැඩක් නැහැ. එකෙකුට දෙන්නෙකුට දුන්නා නම් අායෙත් කවුරුවත්ම කවදාවත්ම ළමා අපයෝජන කරන එකක් නැහැ.
7 අපේ පොතේ එහෙම නැතේ...
අපූරුයි. පලවෙනි වරදට දීපු දඬුවම තව ඒ වගේ ඕනේ තරම් කරන්න ඉඩ ලබා දීමක්. දැන් දැක්කනේ වෙලා තියෙන දේ. අටල්ල කියන ගමේ කිරි දරුවෙක්ට නාකි මිනිස්සු 5ස් දෙනෙක් අතවර කරලා. රටේ නීතිය බල්ලට ගිහින්. අවුරුදු 5ක් තිස්සේ කියනව කාන්තාවන් දරුවන් ආරක්ෂා කරන්න නීති ගෙන්න කියලා. ඡන්ද කාලෙට රටේ නැති පොරොන්දු දෙනවා. 2012 වර්ෂයේ 8749ක් කාන්තාවන් සහ දරුවන් අපයෝජනයට ලක් වෙලා තිබුන. ඒ දත්ත පොලිස් වෙබ් අඩවියෙනුත් ඉවත් කරලා. හරිනම් 8749ක් අපරාධකාරයන් හිරේ ඉන්න එපාය. එහෙම වුනේ නැහැ. කාන්තා හා ළමා අපරාධ වලට මේ රටේ තියෙන්නේ ඉතාම අඩු තක්සේරුවක්. ඒ හින්ද දඬුවම් ලිහිල්. වඩාම භයානක තත්වය ඒක.
අඩු වශයෙන් වසර 30ක සිර දඬුවම් දිය යුතුයි.
මේවා අර රංජන්ගෙන් ගත්ත ආදර්ශ තමා!. පොඩි ළමයිම තමා හොයලා තියෙන්නේ!