
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
16 හැවිරිදි පාසල් සිසුවෙකු යොදාගෙන සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් එම පාසලේ ශිෂ්‍ය නායකයන්ගේ තීක්ෂණ භාවය හේතුවෙන් ජාවාරම්කරුද නීතියේ රැහැණට හසුකර ගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ඒ අනුව සැකකාර පාසල් සිසුවා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක්, රුපියල් 8,000 ක මුදලක් සහ ජාවාරම්කරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 2100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
විදුහල්පතිවරයාගේ උපදෙස් මත සෑම සිසුවෙකුගේම පාසල් බෑග් පාසල තුළට ඇතුළුවීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ශිෂ්‍ය නායකයන් කටයුතු කර තිබූ අතර එලෙස පරික්ෂා කිරීමේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුගේ ගමන් පාසල් බෑගය තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් මෙන්ම රුපියල් 8000 ක මුදලක් සොයා ගැනීමට හැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd