
(උපුල් හේරත්)
අනුරාධපුර මල්වතු ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ගොදුරක් බවට පත් වූ 81ක් හැවිරිදි පියාගේ ජිවිතය බේරාගැනීමට තම ජීවිතය ගැන නොසිතා ඉදිරිපත් වූ පුතකු ගැන පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි.
දිය නාමින් සිටි 81 හැවිරිදි පියාගේ පාදයෙන් එකවර ගැට කිඹුලකු ඇදගෙන යද්දී එය දුටු මුනුපුරකු දැක කෑ ගසා ඇත.
ඒ සමග ඒ අසල සිටි බී.ජී.ජයසිරි නමැති ඔහුගේ පුතකු කිඹුලාගේ ඇඟට පැන බඩ අතගසද්දී සිය ගොදුර අත හැර කිඹුලා නොපෙනී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයිති.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ බී. ජී. නන්දසේන නැමැත්තාය.
අනතුරුව කිඹුලාගේ පහරකෑමට ලක් වූ පියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර දරුවෙක්. මෙවැනි අයටයි උපකාර සමඟ උපහාර පිරිනමන්න ඕනෑ.
ජිවිත ගමනේ නියම තරුවක්. හොඳ වැඩක්
දරුවෝ ඕක තමයි සංසාරේ පුරුද්ද. පෙර භවයෙත් ඔය වගේ අනතුරු වලින් බේරන්න ඇතිද?