(ඩයනා උදයංගනී)
ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් එම රැකියා ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ අද (3) පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවක් කරන්න පුළුවන් කෙනෙක් ගෙදර ඉන්නවනම් හාමුදුරුවන්ට ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනෙ. එතනින්ම මේ රජයේ ආයතනවලට මිනිස්සු පුරවන තර්කය අවලංගුයි.
ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට උදව් කරන්න යද්දී ඉරිසියයි ඇතැම් අය...
අර බෝඩ් අල්ලන් පාරේ මොරදෙන, ගේට්ටු උඩ නගින උන්නාන්සේලාගේ පවුල් වලටත් රස්සා දෙනවද?
පිස්සුද මන්දා...? ආණ්ඩුව එයා නම් දෙයි. අපිනේ බදු ගෙවන්නේ...
අනික් ආගම්වල තත්වය මොකද්ද? එතකොට කෝ සමානාත්මතාවය..?
එතකොට සුදුසුකම් අනුව නොවේද?
ඉතාමත් හොඳ වැඩක්... එහෙම හරි මිනිස්සු ආගමට දහමට ගෙන එන්න.
කියන්න නම් ලෙහෙසියි. කෙරුවාව තමයි ප්රශ්නය.... මෙයාලා කොහොමටත් ජනතාව ගොනාට අන්දවන්න දක්ෂයිනේ...
අඩු වයසේ ළමයින් මහන කිරීම නීතියෙන් තහනම් කළ යුතුයි...!!