IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසු සිසුවියෝ පාර්ලිමේන්තු ගැලරියේ පිරෙති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා ඉදිරිපත් කිරීම ශ්‍රවණය කිරීම උදෙසා ඉතිහාසයේ පළමු වතාවට පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් වලින් පාර්ලිමේන්තු මහජන ගැලරිය අද (14) පිරී ඉතිරි ගොස් තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ පාසැල් සිසුන් 400 ක් හා යොවුන් පාර්ලිමේන්තුව මෙන්ම විවිධ තරුණ සංවිධාන නියෝජනය කරමින් 100 කට ආසන්න තරුණයෝ පිරිසක් මහජන ගැලරියට පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත මෙම පිරිස පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි සපයා තිබිණි.

පසුව මෙම පිරිසෙන් තරුණ තරුණියන් කොටසක් පාර්ලිමේන්තු පිවිසුම් ද්වාරය අසලදී අහඹු ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මුණ ගැසුණු අතර ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ද ජනපතිවරයා අමතක නොකළේය. “තරුණ තරුණියන්ගේ අනාගතය ඉලක්ක කර ගනිමින් මෙම අය වැය ඉදිරිපත් කර ඇති බවත් 2025 වන විට එහි ප්‍රතිඵල අත්විදිය හැකි බවත්“ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ පිරිසේ ප්‍රශ්න කිරිම් හමුවේ පැවසීය.

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වන තඹ දොර අසලදී විනාඩි 20 ක පමණ කාලයක් තරුණ පිරිස් වෙත පිළිතුරු සැපයූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගීවීම සඳහා  පිටත්ව ගියේය.



අදහස් (5)

සිසු සිසුවියෝ පාර්ලිමේන්තු ගැලරියේ පිරෙති

පාර්ලිමේන්තුව නැරඹීමට ගිය සිසුවියගෙ අත්දැකීම..! Monday, 14 November 2022 08:38 PM

මගෙ අම්මෝ...! අපි දැනගෙන හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව කියන්නේ දිව්‍ය විමානයක් කියලා අපේ ඇස්වලට අදහා ගන්නත් බැරිවුනා ඒ පරිසරය දැකලා! සුදු ඇඳුමින් V-8 වාහනවලින් බැහැපු අය ඇතුල්වුන හැටි දැක්කහම අපිට හරිම ආඩම්බරයක් දැනුනා..! සමහර සිංහල ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන්ම පිලිතුරු දෙන්නේ ? සිංහලෙන් පිලිතුරු දෙනකොට වචනවල අගයක් නැද්ද කියලා අපට හිතුනා..ඒක නිසා වන්න ඇති පලමු වසරේ ඉඳලා "කඩ්ඩ-පොලිෂ්" කරමු කියලා ඇමති කීවේ! අපි නිතරම දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ මන්‍ත්‍රීලා නිතරම මොබයිල් එක පාවිච්චි කරනවා කතානායක වැඩපටන් ගත්ත වෙලාවේ ඉඳලා... ඒක අපිටත් රටටත් ලොකු ආදර්ශයක්...! එහෙම කරලත් ඒ අය මාසෙ පඩි ගන්නවනේ ..අපි පාසලට ගියාම කියමු ටීචර්ලටත් එහෙම පඩිය ගන්න පුලුවන්නේ කියලා ඉතින්.. අපේ ඉස්කෝලවලටත් ඔය මොබයිල් ටෝක් අනුමැතිය ලඛා දෙන්න කියලා... පාර්ලිමේන්තුව ඇතුලේ මැතිඇමතිලා නිතරම කෑගහගන්නවා දැක්කහම අපිට පුදුම හිතුනා ඇයි කතානායකතුමා ඒ අයව එයා ඉදිරියෙදි අපේ ඉස්කෝලවල දෙන දඬුවම වගේ දණ ගැස්සුවෙ නැත්තේ කියලා..?

:       0       4

Kumar (Gulf) Tuesday, 15 November 2022 01:07 AM

පාර්ලිමේන්තුවේදී දරුවෝ කුණුහරුප කතා ඉගෙන ගනීවි.

:       0       1

Sriland Tuesday, 15 November 2022 08:14 AM

පොඩිඋන් ගෙනල්ල ඔනෙ දෙයක් කියන්න පුලුවන් උන්ගෙ මොලේට ඔය කිසිම දෙයක් තේරෙන්නෙ නෑ, අනික මෙච්ර විනාසය රටට කරලත් කිසිම බුද්ධිමතෙක් තවම එලියට බැස්සෙනෑ, දැන් ඔය පාසල් ලමයිව ගෙනල්ල උන්වත් විනාස කරන්න හදන්නෙ.

:       3       2

Perera Tuesday, 15 November 2022 09:21 AM

සුරන්ගනා කතා අස්සවන්නද ලමයින්ව අරන් ඇවිල්ල තියෙන්නෙ?????

:       2       2

ජගත් ලියනගේ Tuesday, 15 November 2022 09:52 AM

කොල්ලනේ.............. ප්‍රවේශමෙන් . අය-වැය කතාව අහන්න නේද ගියේ ??

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site