(ජී.ජී.එම්. රත්නායක)

හතරලියද්ද ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි.

ඉකුත් සිකුරාදා පාසල නිමාවී නිවෙස් බලා යද්දී අතරමගදී ගැටුම ඇතිවී ඇති බවත් එක් අයකු ළඟ තිබූ පේපර් කටරයකින් අත කපා ඇති හෙයින් රෝහල් ගත කළ පසු මැහුම් 7ක් යෙදූ බවත් කියති.

එම පොලිස් බල ප්‍රදේශයට අයත් වීවල ජනපදයේ 17 වියැති සිසුවකු තුවාල ලබා ඇතැයි කියයි.

පේපර් කටරයෙන් කැපුවේ යැයි කියන සිසුවා දුංකුඹුරේ පදිංචිකරුවකු බවත් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ශරීර ඇප මත මුදා හැරිය බව පොලීසිය කියයි.

පොලිස් ස්ථානාධිපති එච්.එස්.පී. නානායක්කාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වෙලගෙදර, බෝගහලන්ද යන නිලධාරීහු පරීක්ෂණ කළහ.