
(යොහාන් භාසුර)
ක්‍රිකට් ක්‍රීඩාව හැර මෙරට අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රිකට් ආයතනය ලෙඩාරිය සමග සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.
වත්මන් ක්‍රිකට් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳව හා පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙසු ක්‍රීඩා සංවර්ධනයට ක්‍රිකට් සහය ඉල්ලයි