
(පද්මසිරි ගාර්දියවසම් )
පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය .
විදුහලේ 8 සහ 9වසර වල ඉගෙනුම ලබන මෙම සිසුන් ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණී විට ආහාර ගැනිමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය .
එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පති වරයා ලිංගික අපයෝජනයක් සිදුකල බවට ඔවුන් ඊයේ (22) කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ .
අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහකයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ජෝෂප් ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි... ?
මේවා සම්බන්ධයෙන් ගුරු සංගම් හරිම නිහඬයි. උන්ට ඕන පඩි වැඩි කරගන්න විතරයි. උද්ඝෝෂණ කරලා පොලිසියෙන් ගුටි කනකොට ජනතාව අහක බලාගන්නේ ඒකයි
මෙයාගේ පහළ සෙට් එකට එන්නතක් ගහලා මලානික කරලා දාන්න ඕනෑ...