(රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට)

සිවිස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ප්‍රංශයේ සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ස්විස්ටර්ලන්තයේ  ජිනීවා නුවර  ජාත්‍යාන්තර බෞද්ධ විහාරාධිපති  තවලම ධම්මික නා හිමි,  ගල්විටිගල සුජාත හිමි, ස්විස් ජාතික ලක්ෂණ හිමි, ලාඕස් ජාතික  වීරවර්ධනො හිමි සහ ඉංග්‍රීසි ජාතික  මුජින්, තායිජාතික  ශාන්තා සහ වියට්නාම් ජාතික මානසා යන මෙහෙණින් වහස්සේලා ද මෙම අවස්ථවට එක් වූහ.

කඨින චීවර පූජාවෙන් අනතුරු  මහා සංඝරත්නය විෂයෙන් සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති  සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ.චන්ද්‍රෙප්‍රේම සහ ශ්‍රී ලාංකික,වියට්නාම, තායිලන්ත සහ ලාඕස් ජාතිකයන් ද විශාල පිරිසක් එක් වූහ.