
(ගයාන් සූරිය ආරච්චි)
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් කොල්ලුපිටිය පොලිසියට ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 දා ස්විස්ටර්ලන්තයට පිටව ගොස් පෙරේදා 27 ලංකාවට පැමිණි බවත් එම කාල සීමාව තුල ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට ඇති අතර කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසයි.
තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මාලයේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, ටවර් මැලටින්ගලක් සහිත මුදුවක්, කොළපෑති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං බේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩන්ට් එකක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, ඔමෙගා ලේඩිමැටික් වර්ගයේ ඔරලෝසුවක්, ඔමේගා වර්ගයේ රන් ඔර්ලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
ගුණරත්න Wednesday, 30 April 2025 02:17 PM
ඔන්න රටකට ගිය කල, තානාපති නිල නිවසක් මංකොල්ලකන තරමට පිරිහිලා. අර ඇමැතියාගෙන් පොලිස්සියේ අය පාඩම් ඉගෙන ගන්න ගියේ නැතෙයි...
කෞෂිWednesday, 30 April 2025 03:04 PM
බුද්ධිමත් ගුණරත්නට ආයෙත් බඩේ අමාරුව වගේ ....
හසකWednesday, 30 April 2025 03:35 PM
ගුණරත්න, කොළඹ ඇවිල්ලා තියෙන අය සාමාන්‍යයෙන් දන්නවා තානාපති නිලනිවාසවල ආරක්ෂාව තියෙන්නේ ඒ තානාපති කාර්යාල භාරව. අවසරයක් නැත්නම් ලංකාවේ ආරක්ෂක අංශවලට ඒ භූමියට ඇතුළු වෙන්නත් තහනම්. මට පේන්නේ නම් මේක ඉන්සයිඩ් ජොබ් එකක්...
fairoos Wednesday, 30 April 2025 06:50 PM
මේවා අල්ලන්න මහලොකු FBI ඕනෑ නැහැ.
prasanna Saturday, 03 May 2025 05:17 PM
ආරගලය දවස්වල මේවා ගමේ ගොඩේ ත් සිද්ද වූවා.. දැන් උන් තමයි අපේ රටේ රජ වෙලා ඉන්නේ.