(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එවැන්නක් සිදුනොවූ බව මෙතෙක් සිදුකළ සියලු පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පැවසීය.
තමා මේ පිළිබඳව සියලු තොරතුරු ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පැහැදිලි කළ බවද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (16) පැවැති පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.
පැහැරගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියට ලැබුණු දුරකතන ඇමතුම් වල සාක්ෂි , ඇය ගමන් ගත් කූලි රථ රියදුරන්ගේ සාක්ෂි ආදී සියලු තොරතුරු පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාබලනු ලැබූ බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අනුව මෙම සිද්ධිය අසත්‍යයක් බව පැහැදිලි වී තිබෙන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ .
බොරු කියනවා.
අපටත් පෙනෙන්නේ මේක බොරුවක් කියලා. තානාපති කාර්යාලයත් නොමග යවලා. කොහොම නමුත්, බටහිර තානාපති කාර්යාලයක වැඩ කළ හින්දා, නාරි වෛද්‍යවරයෙකුට යොමු කළොත් හොඳයි...
ඉතාම හොඳයි. ඔය එක්කම අර පරාජිතයින්ගෙනුත් ප්‍රශ්න කරන්න සලස්වන්න. රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා හිතන උදවියට සමාවක් නොදිය යුතුයි.
පිටරට යාමට රට පාවාදීම බොහෝ අය කරනවා...
මේ පාර නම් මම නෙවෙයි කියලා හොඳටම ෂුවර් වගේ. (විහිළුවක් කලේ)
රට වැටෙනකල් බලන් හිටපු අයට දුකයි වගේ
මේ නිලධාරිනිය කියන්නේ බොරු නේද එතකොට. ඒ නඩු අහන්නෙත් නැහැ කල් යනවා පමණයි මේ වැඩේ නම් උණු කැවුම් වගේ ප්‍රශ්න විසදෙනවා පව් අපේ අධිකරණය බැහැලාම වැඩ
මේක තනිකරම නාට්‍යක් ඇයි රාජිතව අල්ලන්නේ නැත්තේ? මේවා තේරුම් ගන්න ටිකක් මොලේ පොඩ්ඩක් විතර ඕන.
ඕකනම් මොකද්ද ? මිනිස්සු මැරිලත් මරපු කෙනෙක් හොයාගන්න බැරි නඩු කීයක් තියෙනවද ? ඇත්ත උනත් ඔච්චර තමයි.