(මුදිතා දයානන්ද)
සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලය නමින් සිය පෞද්ගලික පරිහරණයට මුදල් ගෙවා ලබා ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා කැබ් රථයක් වෙනුවෙන් මණ්ඩලය 2020 දෙසැම්බර් මුදල් ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවණය වෙයි.
වාහනය සඳහා මණ්ඩලයෙන් ගෙවන ලද මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීම හෝ මිලදී ගත් වාහය සභාපතිවරයාගෙන් මණ්ඩලයට ලබැගැනීමට කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.
වාහනය සඳහා ගෙවන මුදල පිළිබඳ කිසිදු තෙරතුරක් මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම තෙරතුරු ඇතුළත් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදු කළ විගණනයට අදාල වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සරන' වගේ නමක්ද තියෙන්නෙ බුවාට???
ශුවර් එකටම “අසරන ගුනේ”
මේ සියලුම සභාපතිවරුන් පහේ පොහොට්ටුවේ ප්‍රභල හිතවතුන් .ඔවුන් අනුගමනය කරන්නෙත් තම නායකයින්ගේ ආදර්ශය .එයානම් ඕනෑවටත් වඩා හොඳට කල බව පැහැදිලියි
හිටපු සභාපතිවරයාගේ නම සඳහන් නොකරන්නේ ඥාති සම්බන්ධතාවයක් හෝ ගජමිතුරු සම්බන්ධතාවයක් නිසාද?