(යොහාන් භාසුර )

ඉහළ යන බඩු මිල සහ උද්ධමනයට සාපේක්‍ෂව රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් සහ රාජ්‍ය සේවකයන්ට භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස වළකමින් නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත්කරගන්නා ලෙස බලකිරීම සඳහා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව අද (8)  ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය නිසා රාජ්‍ය ආයතනවලට සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

සංවර්ධන නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් සේවය කරන ාරටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිවිය.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටින බවයි.

(ඡායාරූප: ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය ප්‍රා.ලේකාර්යාලයේ සේවකයෝ