
(ටී. එල්. ජවුෆර්ඛාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට අවසර ලබා දී ඇත.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිගේ අවසර ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට ඔහුට සහභාගිවිය හැකි බවට විනිසුරු ටී සිසෛදාසන් මහතා පැවසීය.
සිවනේසතුරයි මහතා මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට අනුමැතිය ඉල්ලා ගොනුකරන ලද නඩුව මඩකලපුව මහාධිකරණයේ අද විභාගයට ගන්නා ලදි. ඒ මහතා දැඩි ආරක්ෂක රැකවරණ මැද අධිකරණයට කැදවාගෙන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාව නිදහස් කරන්න.
මොන විහිළුද හලෝ මෙ..? සංවර්ධන කමිටු මෙයාට?
මට දැන් හිර ගෙදරයි, පාර්ලිමෙන්තුවයි පටලැවෙනවා. හිරෙ ඉන්න ඔනෙ අය පාර්ලිමෙන්තුවෙ... පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔනෙ අය හිරෙ... තව සමහරක් හිරෙ ඉදන් පාර්ලිමෙන්තුවෙ..... අනේ මන්දා.
මෙක පුදුම රටක් අප්පා. මිනීමරුවො පර්ලිමෙන්තු යනවා. අද හෙට තව එකෙක් නිදහස් වෙලා රට වනසන ගුබ්බෑයමට එනවලු.
මෙ සිරිසේන පිස්සු නටනවා. අපේ සර් ආපු දවසට ඔවා සුම්මා...