(බිඟුන් මේනක ගමගේ)
අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීමේදී පත්වීම් බලාත්මක වන දිනයේ වරදක් හේතුවෙන් මාස හතරක සේවා කාලයක් ඔවුන්ට අහිමිව ඇතැයි ද එය නිවැරැදි කර දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.
අභ්‍යාසලාභී පත්වීම් 2018.08.20 දින ලැබූ උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීම සඳහා පත්වීම් දිනය ලෙස රාජ්‍ය සේවා කොමිසම 2020.01.01 දින තීරණය කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.
අභ්‍යාසලාභී පදනම යටතට 2018.08. 20 දින ඇතුළත් වූ උපාධිධාරීන්ගේ පත්වීම් දිනය බවට පත්විය යුත්තේ 2019.08.21 හෝ ඊට ආසන්න දිනයක් යැයි ද මෙම තීරණය ගැනීමත් සමඟ 2019 අගෝස්තු 21 සිට 2019 දෙසැම්බර් 31 දක්වා මාස හතරකට වැඩි කාලයක් ස්ථීර පත්වීම් කාලයක් ඔවුන්ට අහිමි වන්නේ යැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය චෝදනා කරයි.
අභ්‍යාසලාභී පුහුණු කාලය මාස 12 ක් වන බැවින් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කිරීමේදී 2019.09.01 පත්වීම් දිනය හැටියට යොදන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද සංවර්ධන නිලධාරි සේවා සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd