කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 60දෙනෙකු සුවය ලබා අද(22) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පස්වරු 3.15 වනවිට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3561කි.

අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස,

* ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 32
* වැලිකන්ද මූලික රෝහලෙන් - 13
* රඹුක්කන ප්‍රාදේශීය රෝහලෙන් - 9
* තෙල්දෙණිය මූලික රෝහලෙන් - 4
* හම්බන්තොට රෝහලෙන්-2 
වශයෙනි.

මේ වනවිට ආසාදිතයන් 2454 දෙනෙක් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6028ක් වන අතර, 13දෙනෙකු මිය ගොසිනි.