(රංජන් කස්තුරි)
සුවඳවිලවුන් වර්ග ආනයන තහනම ඉවත් නොකිරීම නිසා පුද්ගලයන් ලක්ෂ 10කගේ පමණ ජීවනෝපාය අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණ පා ඇැතයි සුවඳවිලවුන් ආයනයනකරුවෝ පවසති.
මාස පහකට අධික කාලයක් තිස්සේ ආයනය තහනම කිරීම නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වී ඇති අතර ජාවාරම්කරුවන් පිරිසක් හොරපාරෙන් සුවඳවිලනුවන්වර්ග රටතුළට රැගෙන එන බව ද ඔවුහු පවසති.
සංචාරක කර්මාන්තය නංවා ලීමට උනන්දුවක් දක්වන කාලයක ආනයනික සහ ගුණත්මක බවයෙන් ඉහළ සුවඳවිලවුන් වාර්ග වෙළෙඳපොළෙන් මිලදි ගැනීමට නොහැකිවීමෙන් සංචාරකයන් අපහසුතාවයට පත්වන බව ද ආනයනකරුවන් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ ලංකාවට සුවඳ විලවුන් මිලදී ගන්න පැමිණෙන්නේ නැත. ඔවුන් ජීවත්වන රටවල අවශ්‍ය තරම් සුවඳවිලවුන් මිලදී ගැනීමට ඇත.
පුද්ගලයන් ලක්ෂ දහයක්, ඒ කියන්නේ මිලියනයක් එහෙමත් නැත්නම් ආසන්න වශයෙන් ජනගහනයෙන් විස්සෙන් එකක් සුවඳ විලවුන් ව්‍යාපාරයේ නිරත වෙනවාලු.
ලංකාවේ ඉන්නෙත් කෝටි තුනකට අඩුවෙන් ඒකෙන් ලක්ෂ දහයක් සුවඳ විලවුන් විකුණලා ජීවත්වෙලා තියෙන්නේ...
ඇයි ඔබලා සුවඳ විලවුන් හදන්න උත්සාහ කරන්නේ නැත්තේ? දැන් හරි පටන් ගනිල්ලා.. ඔබලා හදන්නේ නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න.
සංචාරකයින්ට ලංකාවට ඇවිල්ලා සුවඳ විලවුන් මිලට ගන්න ඕනෑ නෑ... ඒවා ඒ රටවල තිබෙනවා. අනික ජාවාරම්කරුවො හොරෙන් ගෙන්වනවා නම් ඇයි ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැත්තෙ? අල්ලා දෙන්න හැකිනේ. මේවා ලංකාවේ හදන්න බැරි දෙයක්වත් අත්‍යාවශ්‍ය දෙයක්වත් නෙවෙයිනේ...
සුවද විලවුන් කියන්නෙ මෙ රටට අත්යවශ්‍ය දෙයක් නෙමෙයි නෙ.. ඇයි වෙනත් දෙයක් විකුනන්න හිතන්නෙ නැත්තෙ? හැමදාම සෙන්ට් විකුනන එකම ද කරන්න ඔන? අඩු ගානෙ මෙහෙ අලුතෙන් නිශ්පාදනයක් කරන්න වත් හිතන්නකො මෙතන විලාප කිය කිය ඉන්නෙ නැතුව. . ලක්ශ 10ක් වෙලෙන්දො.. පව්. . මිනිස්සු ඉස්සර වගෙ මෙවට හාස් හූස් ගාන්නෙ නෑ..