
(රෝහණ සමරවීර)
සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම අද දින සිට ආරම්භ කරනු ලැබීය.
මේ වනවිට උක් ගොවීන්ගේ අමු උක් අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ බවත් පිළිස්සී ගිය උක් අස්වැන්න මිලට ගැනීම නැවැත දැනුම් දෙනතුරු නවතා දමා ඇති නමුත් එම අස්වැන්නට සාදාරන වන්දි මුදලක් ලබා දීමට ආයතනය කටයුතු කරන බව නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවැසීය.
සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සංවිධානයේ සභාපති ඒච්.පී. රැවන් සංජීව මහතා පැවැසුවේ පසුගියදා ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එදින සිට උක් මිලදීගෙන කර්මාන්ත ශාලාවේ ඇඹැරුම් කටයුතු ආරම්භ කළ බවකි.
උක් වගාබිම් පිළිස්සීමත් සමග සෙවනගල ගොවීන් සති දෙකක පමණ කාලයක සිට දැඩි අර්බුධයකට මැදිවි සිටියදී විවිධ පාර්ශව කරුවන් හරහා ජනාධිපතිවරයාට තම දුක්ගැනැවිල්ල ඉදිරිපත් කිරීමට උත්සහයක නිරත වෙමින් සිටියදී පසුගියදා මොණරාගලදි ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කිරීමට හැකියාවක් ලැබුණු බව බවකි.


2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙවනගල වැඩ යළි අරඹයි
ගුණරත්න Wednesday, 10 September 2025 08:25 PM
නිකම් බොරු වියදම්, මේකෙන් සීනි හැදුවත් ඊට වඩා අඩුවට ලෝකේ සීනි තියෙනවා නම් මෙහෙ හදන එක පාඩුයි. ඔය උක් පැණියෙන් සීනි හදන්නේ නැතිව ස්ප්‍රීතු පෙරලා විකුණන්න. මෙහෙ ස්ප්‍රීතු ගොඩක් මිල අධික නිසා පාඩුවක් නැතිව ඒ බිස්නස් එක කරන්න පුළුවන්. ඔය ෆැක්ටරි ටික ලංකාවේ ලොකුම මත්පැන් ස්ප්‍රීතු වෙළඳාම කරන සමාගම් වලට විකුණා දමන්න,