(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද (10) පස්වරු 7 ට පැවැත්වෙන බවත්, එහිදී අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් පෙරේදා (8) දිනයේදී ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙහි ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඒ යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, අන්තර්වාර පාලනයක් පිහිටුවීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කී හිටපු ජනාධිපතිවරයා මෙම අන්තර්වාර පාලනය තුළ කිසිඳු තනතුරක් තම පක්ෂය අපේක්ෂා නොකරන බව ද සඳහන් කළේය.