IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ?

( අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ වී ඇති අතර,ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද ඊට සම්බන්ධ වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම පළාත නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකුද ,වයඹ  පළාත සහ බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද ,මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇති පිරිස අතර වන බව දැනගන්නට තිබේ.

එම මැති ඇමැතිවරුන් ,ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,ආණ්ඩුවට එක්වන ලෙස ඉල්ලා ඇති අතර ,ඔවුන්ට අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධුර ආදිය ලබාදෙන බවටද පොරොන්දු වී ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසේ.

එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉකුත් සතියේ ආණ්ඩුවට සම්බන්ධ වී, රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත් අතර,තවත් කිහිප දෙනකුටද  ආණ්ඩුවට එක්වන ලෙසට ඉල්ලීමක්  කර ඇතැයි දැනගන්නට ඇත.

නිමල් සිරිපාල ද සිල්වා ,අනුර ප්‍රදර්ශන යාපා ,සුසිල් ප්‍රේමජයන්ත , ජගත් පුෂ්පකුමාර ,අසංක නවරත්න, උද්දික ප්‍රේමරත්න,ගාමිණී  වලේබොඩ යන මන්ත්‍රීවරුන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කතා කර  ඇතැයි දැනගන්නට ඇත.

නිමල් සිරිපාල ද සිල්වා මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද,උද්දික ප්‍රේමරත්න මහතාට සංස්කෘතික අමාත්‍ය  ධුරය ද  දීමට ආණ්ඩුවෙන් යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ,ඔවුන් සියලු දෙනා ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

 

 

 



අදහස් (1)

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ?

කිරිපුතා Saturday, 16 April 2022 02:57 PM

මේක තමයි කාටත් පුරුදු සෙල්ලම. හැබැයි එහි අවසානයට එළැඹී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site