
(රංජන් කස්තුරි)
රෝහල්වල තිබෙන බරපතල පුහුණු වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේදී රෝහල් ගණනාවක සී.ටි.,එම්.ආර්,අයි සහ පෙට් ස්කෑන් පරික්ෂණ සේවා,හෘද කැතීටර් පරික්ෂණ ශල්‍යාගාර විකීරණ පරික්ෂණ සේවා නතර වීමේ අවදානමක් හටගෙන ඇතැයි රජයේ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
වීකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් තිබෙන හෙයින් සහ සේවය කළ පරිසක් විදේශගතවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
කොළඹ ජාතික රෝහල,කොළඹ රිජ්වේ ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,මහනුවර ශික්ෂණ රෝහල,කරාපිටිය,අනුරාධපුර,යාපනය, මඩකළපුව, රත්නපුරය බදුල්ල කෑගල්ල සහ පොලොන්නරුව රෝහල්වලත් තවත් පළාත් මහ රෝහල් රැසකගේ එම පරීක්ෂණ නතරවන බව ද ධර්මකීර්ති මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව සඳහා පරිපූර්ණ රජයක් ලෙස, ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පවතින සම්පත් සුරක්ෂිත කිරීම සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක කළයුතු අතර ජනතාවගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඇති හැකියාව ඵලදායී ලෙස භාවිතා කළ යුතුයි.
ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන A/L බයෝ කරලා තියන අයට පුහුණු වීම් දී නව සේවකයන් ලෙස බඳවාගන්න
ඔය හිඟකම් ඔක්කෝම තියෙන්නේ ආණ්ඩුවේ රෝහලේ විතරයි. මුදල් ගෙවා යන පුද්ගලික රෝහල්වල ඔය ප්‍රශ්න නැහැ...