(විමුක්ති එස් රුද්‍රිගු)
සේවා කොන්දේසි කඩකළ සහ සේවයේ නියුතු අන් අයට බලපෑම් කළ ශ්‍රී ලාංකිකයකු පිටුවහල් කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඊශ්‍රායල ටෙල් අවිව් ගුවන් තොටුපොළෙන් පැන ගොස් ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රී ලාංකිකයා ඉදිකිරීම් සේවකයකු ලෙස ඊශ්‍රායලයට පැමිණ ඇති බවත් ඔහු සති දෙකක කාලයක් සේවයට නොපැමිණ ඇති බවත් බණ්ඩාර මහතා පැවැසුවේය. එසේම ඔහු එම සේවා ස්ථානයේ සේවයේ නියුතු බලපෑම් කිරීමට උත්සාහ කළ බවටත් කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බවටත් චෝදනා එල්ල වී ඇති බවද බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එවැනි චෝදනා එල්ල වීම හේතුවෙන් ඊශ්‍රායල ආගමන ආයතනයේ අවසරය ලබාගෙන එම ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලයේ සේවයේ යෙදවූ මෑන්පවර් ආයතනයේ කාන්තා නිලධාරිනියක් ඔහුව ටෙල් අවිව් ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය බවත් එම අවස්ථාවේදී මෙම ශ්‍රී ලාංකිකයා නිලධාරිනිය අත තිබූ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උදුරාගෙන පැන ගොස් ඇති බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසුවේය.
මෙම ශ්‍රී ලාංකිකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මින් ඉදිරියට මෙවැනි වරදවල් කරන පුද්ගලයන් මින් ඉදිරියට රැගෙන යාමට වන්නේ මාංචු යොදා ආරක්ෂක නිලධාරීන් සමග බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රටේ නම ආරක්ෂා කර ගනිමින් විනයගරුකව ඊශ්‍රායල නීති රීති පිළිපැදීමට කටයුතු කළ යුතු බවද තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොල්ලෙක් !!! කොල්ලෝ උඹට හැකිනම් 1946 සිට අහිංසකයින් ජීවත්වුණු පලස්තීනය බලෙන් අල්ලාගෙන ඒ කොටසට ඊශ්‍රායලය කියලා නමකුත් තියාගෙන, ඇමෙරිකාවේ සහ එංගලන්තයේ හයිය අරගෙන චන්ඩිකම් කරන " හිඟන අහිකුන්ඨකයා"ට අමතක නොවන පාඩමක් උගන්වන්න. ඊයේ නෙදර්ලන්තයේ නම් ඔවුන්ගේ කට්ටියක් මදි නොකියන්න කෑවා, ඔය පටන් ගැනීම පමණයි, සමහරවිට ගෑස් කාමරත් ආයෙත් හදන්න වෙයි, එහෙම නැතිවුණොත් තව අවරුදු 10 කට කලින් ඔය මිනීමරු යුදෙව්වෝ මුළු ලෝකෙම අයගේ ආධිපත්‍යයට ගන්නවා මුළුමනින්ම. ඒ බව හරියටම දැක්ක මිනිහා තමයි හිට්ලර් කියන්නේ...
ලංකාවේ දේශපාලකයෙක් මගින් ගිය කෙනෙක් වෙන්න ඇති...
රුපියල් ලක්ෂ පහක් විතර ඇමැතියගේ බ්‍රෝකර්ට ගෙවල් තමයි ඔය සේරම වගේ ගියේ. ඒ ගාන හම්බ නොකර මෙරටට ඇවිත් කුමකටද කියලා පනින්න ඇති. ඔය ගියපුු වැඩි දෙනා පැවැති රජයට හිතවත් අය...