IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සුව ඇමැති - ස්වීඩන් තානාපති හමුවක්

(අංජුල මහික වීරරත්න)

නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම මෙරට ආර්ථිකයේ දියුණුව සඳහා ස්වීඩනය ඉතිහාසය පුරා කර ඇති මැදිහත්වීමි හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව  මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යරයා සිහිපත් කළ අතර, ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද දැනුවත් කළේය.

එමෙන් ම මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ද සාකච්ඡා සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යාම, ළමා පෝෂණය සහ පෝෂණ ඌණතා, පාසල් සිසුන් අතර පෝෂණ තත්ත්වය සහ අභියෝග, වයස්ගත ජනගහණ අභියෝග, මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳව මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව  සාකච්ඡා කෙරිණි. 



අදහස් (0)

සුව ඇමැති - ස්වීඩන් තානාපති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site