(ගයාන් සූරියආරච්චි)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශවලට අනුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව රැදවුම් නියෝග මත සුරේෂ් සලේ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සිදුකෙරන අතරවාරයේ සලේ මහතාගේ කන ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත. 

සුරේෂ සලේ මහතා බැලීම සදහා පවුලේ සාමාජිකයන් අවසර ඉල්ලා ඇති මුත් ඒ සදහා අවසර ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණයට දැනුම් දීමෙන් අනතරුව මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.