(මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රහස් පොලිසියට අද නියම කළේය.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ වනවිටත් සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියත් ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නම්කර ඇති හෙයින් නඩුව කැඳවන විට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.