(යොහාන් භාසුර)
ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසල 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළදී ගෙලවැළ දාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාල සිසුවා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවන බවට ගුරුවරු කළ දැනුම්දීමකට අනුව සිසුවාගේ මව ඔහුගේ ජංගම දුරකථනය බාරයට ගැනීම පිළිබඳව සිත්තැවුලට පත්ව දිවිනසාගෙන ඇති බව වාර්තා වේ.
පහළොස්හැවිරිදි මෙම සිසුවා ඊයේ (23) දිවා කාලයේදී ගෙලවැළ දාගෙන ඇති බව පොලිසිය කියයි. එම සිසුවා පදිංචි ප්‍රදේශයේ බොහෝ පාසල් සිසුන් ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහිවී සිටින බව ද ප්‍රදේශවාසීහූ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අවුරුදු 10 ඉදන් අවුරුදු 20 වෙනකල් ඉන්න පරම්පරාව දැක්කා දුක හිතෙනවා.... මේ පිරිස ද මේ රටේ අනාගතේ භාරගන්න ඉන්න කට්ටියට කියල හිතනකොටත් බයක් දැනෙනවා. අද ෆේස්බුක්, ටික්ටෝක්, ඉන්ස්ටග්‍රෑම් වල කරන දේවල් දැක්කම පෙන්නේ පරිහානිය තමා. සල්ලි හම්බෙනවානම් ඕන දෙයක් කරන්න ලෑස්ති පිරිසක් ඉන්න රටක් වෙලා අද. එයේ පෙරේදා දැක්කනේ අර ගැණු ළමය සල්ලි හොයන්න කරන දේ... මෙව්වට ගෙවල් වල ඉන්න දෙමාපියෝ වගකියන්න ඕන. මුල ඉදල මේක පාලනේ කරන එක එයාලා කරන්න ඕන... පුදුම බොලද ,ඩිජිටල් තිරේට ඇබ්බැහිවෙච්ච, ආත්මාර්ථකාමී පරම්පරාවක් මේක... තව අවුරුදු 10 කින් අපේ රටේ ගෙවල් වල රෙදිටික හෝදන්න, සුද්ද පවිත්‍ර කරන්න, කුඹුරක් කොටන්න, පොල් ගෙඩියක් කඩන්න, පිටරටින් මිනිස්සු ගෙන්න වෙන තත්වයක් තියෙන්නේ.
ඔව් ඔයා කිව්ව එක නං සහතික ඇත්ත.
ලෝකය තාක්ෂණය අතින් අති විශාල දියුණුවක් ලබලා. ඒ නිසා එයින් ලැබෙන පහසුව ගැනත්, සිතිය යුතුයි. අපේ රටේ ඒ දේට බැන බැන එයින්ම උපකාර ලබනවා. පෙරදී මුදල්දී රස්තියාදු වී හදිසියකට ටෙලිග්‍රෑම් ගැසිය යුතුයි. ඒ දේයත් හරියට තැපැල් සේවකයන් කරන්නේ නැහැ. ලිපි හරියට කලට වෙලාවට බෙදුනේ නැහැ. අද ඇත එපිට ඕනෑම කෙනෙකුට සුළු මුදලක් දී සිටිනා ඕනෑම තැනකට කෝල් එකක් දෙන්නට පුළුවන්. ඊමේල් එකක් යවන්න පුළුවන්. අද බොහෝ මිනිසුන් මේ පහසුකම් කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් ලබනවා. ඒත්,එහි අගය දන්නේ නැහැ. මේ දරුවා ශිෂ්‍යත්වය සමත්ව දැනටත් පන්තියේ පළමු වැනියා. පෝන් එකක් අරන් දුන්නා ම ඒ දරුවා ලබන සතුට කෙතරම් ද ? පෝන් ක්‍රීඩා නරක දේවල් නොවෙයි. ඒ දේවල් හරිම විනෝදාත්මක දේවල්. තර්කය හා බුද්ධිය වඩවනවා. මේවා බොහෝ දෙමාපියන් දන්නේ නැහැ. ඒවා පාලනය කරගැනීම උපක්‍රමශීලීව කළයුතුයි.