
(චන්ද්‍රසේන ගමගේ)
තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අද දහවල් බරවකුඹුකේ පිහිටි ඔහු ගේ සහල් මෝල පරීක්ෂ කිරීමට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් හමුවේදීය.
එහිදී ඔහු වැඩි දුරටත් කිාය සිටියේ ඉතා අඩු මිල ගණන් යටතේ ලංකා සතොසට තමන් වසර ගණණාවක් තිස්සේ සහල් අළෙවි කරනවා. මේ වන විටද තමන් මෙම මාසය තුළදි රතු කැකුළු කිලෝ ලක්ෂ 08ක් පමණ ලංකා සතොසට අළෙවි කොට තිබෙනවා.
අද දින පරීක්ෂාවට ලක් කළ සහල් මෝල දෛනික වී කෙටීම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 215 ගණනේ අළෙවි කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඇත්ත, මාතර වෙලේවත්තේ ආසිරි සුපර් ග්‍රොසරි කියන තැනින් නාඩු සහල් කිලෝව මුලින් 235ටත්, ඊළඟට 245 ටත් මේ වනවිට 270 ටත් අලෙවි කරනවා. හාල් උරවල මිල සඳහන් ලේබල් ගලවා ඉවත් කර ඔවුන් පනවන අධි මිලට විකුණනවා. පහුගිය කාලේ හොඳට හම්බකළා. මා ගාව ඔවුන්ගේ බිලකුත් තියෙනවා අධි මිලට විකුණපු. මාතර පාරිභෝගික අධිකාරියේ කාර්යාලය අලස හා අකාර්යක්ෂම එකක් නිසා බයක් හැකක් නැතුව ඔවුන්ට මේ නීති විරෝධී ක්‍රියාව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා...
මීට මාස දෙකකට කලින් රුපියල් 170 උපරිමේට විකුණපු හාල් තමයි මේ රුපියල් 240ට නග්ගලා තියෙන්නේ. පුනරුදේ පුනරුදේ...!
ඔව් පොල් සහ සහල් මිල ඉහළයාම තුළ අපේ සමහරුන්ගේ අවංකභාවය ගැන ලිට්මස් පරීක්ෂාවක් සිදුවිය. රු 150 ට ගන්නා පොල් ගෙඩිය රු 220 ට අලෙවි කර වාර්තාගත ලාභ ලැබීය.
සිල්ලර වෙළඳුන් සිදුකරන මෙවැනි කූට වෙළෙඳාම නිසා බලයට පත් රජය ජනතා ආකර්ෂණයෙන් බැහැර වනබව යි සිදුවන්නේ එනිසා වහාම ක්ෂනිකව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කිරීම වැදගත්