IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


සල්ලිකාරයන්ට දේපළ බද්දක්

(සුජිත් හේවාජුලිගේ )

ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම බද්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව බවද ඔහු සඳහන් කළේය.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමහර දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනයවී නැතැයි පෙනී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබීය ඇත. එම යෝජනා පිළිබඳව ද අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමුවීඇත.

 



අදහස් (20)

සල්ලිකාරයන්ට දේපළ බද්දක්

විජේ Monday, 30 October 2023 05:30 AM

ඔයාලා තමයි උඩින්ම ඉන්නේ...!

:       1       56

aravinda monarawila Monday, 30 October 2023 09:34 AM

ලොකු දේපළ කියන එන නිර්වචනය කරන්න ඕනෙ ප්‍රමාණය කෙතරම්ද කියලා... එහෙම නැතිව ලක්ෂ 10 යේ පටන් මොවුන් බදු ගහන්න පටන් ගනීවි. හොර හැත්ත...

:       1       68

චමින්ද Monday, 30 October 2023 12:37 PM

අරවින්ද හරියටම හරි ලංකාවේ සිද්ධ වෙන්නේ ඒකම තමයි. ඒ ගමන්ම කියන්න ඕනෑ ඔය ලොකු දේපළ හිමියන් ඒවා තියාගෙන ඉන්නේ දේශපාලුවන් වගේ අනුන්ගේ නම් වලින් තමයි ඒ නිසා මුලින්ම ජන හා නිවාස සංගණනය වගේ දේපළ සංගණනයක් කරන්න නගරයේ ගොඩනැගිලි ගැන වෙනමම සමීක්ෂණයක් කරන්න. එම වෙළඳ ගොඩනැගිලි හිමියන් ඒවායේ අයිතිය වෙනත් අයෙකුගේ නමින් තියාගෙන විදුලිය බිල් තවත් කෙනෙකුගේ නමින් ජල බිල් තවත් නමකින් තමයි තියෙන්නේ අපි හිතමුකෝ උදාහරණයක් හැටියට ඌව පළාතේ සිටින කෙනෙකුට අයිති දේපලක් වෙනත් කෙනෙකුගේ නමින් සබරගමුවේ කුරුවිට තියෙනවා කියලා... එහෙම දේවල් බලන්න ඕන ඒවා අනන්තවත් තියෙනවා...!

:       0       15

prasanka Monday, 30 October 2023 09:55 AM

මුලින්ම පන්සල් වලින් ගන්න ඕනෑ...

:       17       43

kalawa Monday, 30 October 2023 10:07 AM

දේපල වලින් එන ආදායම මත පනවන්න...

:       2       27

ni Monday, 30 October 2023 10:12 AM

ඉඩ කඩම් නඩත්තු කිරීමට යන මුදලවත් සොයා ගැනීමට නොහැකිය අපට...!

:       2       29

රංබොඩ Monday, 30 October 2023 10:32 AM

ඇතැම් නිර්ආගමික හෝ අන්‍යාගමික පුද්ගලයින් පළමුව දැක ඇත්තේ පන්සල ය. ඒ ඔවුන් සාංගික දේ ගැන නොදන්නා තරම ය.

:       28       24

Kris Monday, 30 October 2023 11:12 AM

එහෙනම් පටන් ගන්න වෙන්නෙ මැදමුලන, දියවන්නාවෙ 225, ඒ 225ට උදව් වෙන කලු සල්ලි වියාපාරික ප්‍රජාව, සහ පාතාල කලු සල්ලි හිමියන්.

:       1       33

sam Monday, 30 October 2023 11:42 AM

ඔය බොරු, වැඩක් නැහැ ජාතික ධනය හොරා කාපු දේශපාලුවන්ගෙ ඒ් මුදල් අයකර ගත්තොත් ලංකාවෙ සියළුම ණය බරෙන් නිදහස්.

:       0       33

Anura Monday, 30 October 2023 11:53 AM

මේක නම් විශ්වාස කරන්න අමාරුයි... විශාල වශයෙන් දේපළ තියන අයට කිව්වාම රනිල්ගේ පන්තියේ අයට තමයි ඕක වදින්න ඕනේ, ඒත් ඒකත් කොහොම හරි ඒ ගොල්ලෝ බේරිලා පොඩි මිනිහාගේ දේපල වලටම බද්ද ගසාවි...!

:       1       21

Rata Perata Monday, 30 October 2023 12:56 PM

IMF එක කියන කියන ඒවා කරන්න නම් අපි මොකටද පඩි දීලා නුඹලාව තියාගෙන ඉන්නේ...!

:       1       10

chandani Monday, 30 October 2023 01:08 PM

අනේ, මයිල් බුලා ..

:       0       6

de silva Monday, 30 October 2023 01:12 PM

එතකොට අර අයිතිකාරයෙක් නොමැති මල්වානේ මන්දිර, ඕස්ට්‍රේලියාවේ තිබෙන පැන්ඩෝරා අක්කාගේ දේපළ එංගලන්තයේ තිබෙන අලුත්ගමගේගෙ මන්දිර වලටත් බදු ගහනවද?

:       0       13

de silva Monday, 30 October 2023 01:14 PM

නිසි පරිදි ගණනය වෙන්නේ නැත්තේ ආදායම් බදු එකේ ඉන්නේ හොරු නිසා, අලුත් බදු ගැහුවත් පොහොසත් වෙන්නේ ආදායම් බදු එකේ ඉන්න හොරු මිසක් රජයට ලැබෙන කෙහෙල් මලක් නොමැත...

:       0       13

Hafeel Monday, 30 October 2023 02:35 PM

එතකොට මෙතැන ඉතා පැහැදිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි දැන් රට පාලනය කරන්නේ...!

:       0       11

Perera Monday, 30 October 2023 02:40 PM

ලොකු වැඩේටයි, පොඩි වැඩේටයි වැසිකිළි ගියාමත් බද්දක් ගහවි මේ යන විදිහට...

:       0       10

hemantha Monday, 30 October 2023 03:36 PM

2025 වෙනකල් ඉන්නද කල්පනාව...? ඊට කළින් කේන්දර පොජ්ජ බලාගත්තොත් නේද හොඳ?

:       0       0

ගමේ එකාලා Monday, 30 October 2023 04:06 PM

පරම්පරා ගාණකට ඇති වෙන්න කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාලා යහමින් හරිහම්බ කරගත්තු දූෂිත පවුල් පාලනේ අයගෙන් මුලින්ම පටන් ගතයුතුයි...!

:       0       0

Neela Monday, 30 October 2023 05:12 PM

ඔබලා 225 පත්වූයේ IMF ඡන්දයෙන්ද, ලංකාවේ ජනතාවගේ ඡන්දයෙන් ද? රට ගොඩ නගන්න වැඩපිළිවෙලක් නැතිව IMFකියන දේම කරනවා නම් උඹලා මොකටද ජනතා නියෝජිතයෝ වශයෙන් පාර්ලිමේන්තු ගියේ. රනිල් නම් ජනතා ඡන්දෙන් පැරදිලා JR මාමගේ ගේ ව්‍යවස්ථා උගුලෙන් හා ඇමරිකා අරගල සහායෙන් ගොඩ ගිය කෙනෙක් නිසා ජනතාව ගැන නොබලා ඇමරිකාව හා IMFඑක කියන දේ කළාට කමක් නෑ...!

:       0       0

Bamunuarachchi Wednesday, 01 November 2023 09:41 PM

නීලා, නරකද දන්නා දෙයක් කථා කළොත්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 519 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 602 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 165 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 916 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2494 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 382 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site