(බී.ජී. චතුරංග)
මුදල් ඉල්ලා බල පෑම් කර එය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ පුතකු තම මවගේ බෙල්ලෙන් අල්ලා මරණ බවට තර්ජනය සිදු කර ඇයට අයත් ත්‍රිරෝද රථය ගිනි තබා විනාශයට පත් කිරීමේ සිද්ධියකට සැකකාර පුතා අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලීසිය පවසයි.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තිරප්පනය පන්සල පාරේ පදිංචි 42 හැවිරිදි වෘත්තියෙන් රියදුරකි.
සැකකරුගේ මව වන තිරප්පනය පාසල් හන්දිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු තම මවගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන මරණ බවට තර්ජනය කළ බැංකුවට ගොස් මුදල් රැගෙන එන ලෙසට බලපෑම් සිදු කර ඇති බවත් පසුව මව බැංකුවට යාම ප්‍රමාද කරමින් අසල නිවසක රැඳී සිටීම හේතුවෙන් උරණ වූ සැකකාර පුත්‍රයා මවට අයත් ත්‍රිරෝද රථයට ගිනි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සල්ලි නොදුන්නැයි පුතා මවගේ බෙල්ල මිරිකලා
lanka Tuesday, 30 August 2022 03:30 PM
හෙළ ජාතික අභිමානේ...!
podimalli Tuesday, 30 August 2022 05:43 PM
ත්‍රීවිල් එකේ පිටිපස්සේ තිබ්බද ‘‘ජීවිතේ මල් අම්මා ඉන්නකල්‘‘ කියලා..