
(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තමාගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියකින් දන්වා තිබේ.
පසුගිය වගා කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් දීම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගත යුතුව ඇතැයි ද නමුත් වී අලෙවි මණ්ඩලයට දිගින් දිගටම මුදල් නොදෙන්නේ නම් අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තබා ගැනීම ඵලක් නැතැයි අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ සුබ උදෑසනක් ලොකු උන්නැහේ .. ඔයාද ඇමැති? අවුරුදු දෙකකට පස්සේ ඇහැරිලා...!
වී අලෙවි මණ්ඩලයත් ව්‍යාපාරික ආයතනයක් නෙ. බැංකු වලින් ණය අරගෙන වී මිලට ගන්න බැරිද?