
(පී.ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
'ඒහිපස්සිකෝ' සාම පාගමන අද දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අවසන් කළහ.
ඓතිහාසික මහනුවර ශ්රී දළදා මාලිගයෙන් අද පෙරවරුවේ ආරම්භ වු ‘‘ඒහිපස්සිකෝ‘‘ සාම පාගමනේ යෙදෙනෙ මහා සංඝතරත්නය කිලෝමීටර් 25ක් දුර ගෙවා මෙසේ බෙලිගම්මන රාජමහා විහාරයට සැපැත් වූහ.
සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂුන් වහන්සේ දහතුන්නම මෙන්ම මුළු ලෝකයේම අවධානය දිනාගත් අලෝකා සුරතලා ද එක් විය.
සාම පාගමන දැකබලා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් මාර්ග දෙපසට රැඳී සිටියහ
පා ගමනේ යෙදෙනෙ භීක්ෂූන් වහන්සේගේ ගමන් පහසුව සඳහා සැදැහැවතුන් පාවඩ එළමින්, කෙසෙල් කොළ අතුරමින් , ජලය ඉසිමින් ගමන් පහසුව සලසා දුන්නය.
හිඟුල්ඔය මුස්ලිම් පල්ලියේ පූජක තුමන්ලා ද, අංවාරම ක්රිස්තියානි පියතුමන්ලා, පල්ලි මාවැන්නල කතරගම දේවාලයේ පූජකරයා ද පා ගමනට විශාල දායකත්වයක් දැක් වූහ.
මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේ විහාරාධිපති මැදිලියේ ගුණරතන හිමි පා ගමනේ පැමිණි භික්ෂූන් වහන්සේ පිළිගත් අතර පරිසර ඇමැති ධම්මික පටබැඳි, සබරගම පළාත් ආණ්ඩුකාර තුමිය ඇතුළු රාජ්ය නිලධාරින් එම උත්සවයට එක්ව සිටියහ.
මාතලේ දිස්ත්රික්කයේ නුගගහමුල යාය වනාන්තරය හා කෑගල්ල දිස්ත්රික්කයේ පදිය ගම්පොළ වනාන්තරය රක්ෂිත වනාන්තර ලෙස නම් සන්නස් දෙකක් පූජා කිරීමද මෙහිදී සිදු කෙරණි










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd