
(සුජිත් හේවාජුලිගේ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර ඇත
සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් එම පෙරමුණ සමග දීර්ඝව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පැවසීය
මේ තත්වය මත එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට හිටපු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරම රණ්ඩුවක් තමයි ජාතික ලැයිස්තුවට පොර කන එක...
දියවන්නාවට එන්න ඔච්චරටම දඟලන්නේ රටේ ජනතාවට තියෙන ආදරයට, ලෙන්ගතුකමට මිසක් වෙන මොනවාටද?
තමන්ට තියෙන රටට අතීතයේ රටට ලොකු සේවයක් සිදුකළ වටිනා පක්ෂයක් කුණුකර කුණුගොඩට දැමීමේ විපාකයක් විඳීමට වෙලා තියෙනවා. මුල සිටම බල තන්හාවෙන් පෙළුණු එවුන් වරන්වර ගාල කඩාගෙන යාමත් උගතුන්ට හිරිහැරකර පලවා හැරීමත් නන්නත්තාරව යන එන මං නැති එවුන් ගාල්කර ගැනීමත් සාමාජිකයන් ගැන තැකීමක් නොකිරීමත් නිසා පක්ෂයේ විනාශය ඇතිවුණා. අඩුම තරමින් ගමේ සාමාජිකයින්ගේ සැප දුක් නොබලන සම හරක් සංවිධායකයින් දුරකතන ඇමතුමක් සඳහා පිළිතුරු නොදෙන අවස්ථාවන් අනන්තවත් තිබුණා. රැකියා දීමේදී මැතිවරණ කටයුතුවලට දායකත්වයක් දුන්නු අය ගැන තැකීමක් නැතුව විපක්ෂව සිටි අයට රැකියා දුන්නා. පක්ෂයේ සාමාජිකයින් යූඇන්පී කාරයෝ කියලා හංවඩු ගැහිලා හිටියා පමණයි වුනේ... ඔය අතරේ පක්ෂයේ නායකකාරකාදීන් සාමාජිකයින් ආහාරයෙන් යැපෙනවා කියලාවත් ඔවුන්ටත් රැකියා අවශ්‍යයි කියලාවත් 1994 න් පස්සේ හිතුවේනම් නැහැ.
නිදිමතයා අර අඳින්නේ පස්ස දොරෙන් නැවත පාර්ලිමේන්තුවට රිංගන්න...