
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරයෙන් තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීම සුදුසු බවට එම පක්ෂයේ නායකයන් අතර අද කොළඹදී පැවති හමුවකදී යෝජනා ඉදිරිපත්ව තිබේ.
නමුත් විවිධ පාර්ශ්ව පාර්ශ්ව වලින් විවිධ යෝජනා පැමිණීම නිසා කංචන විජේසේකර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමේ යෝජනාව ස්ථිරතාවයට පැමිණ නැති අතර බන්දුල ගුණවර්ධන මහතා එහිදී යෝජනා කර ඇත්තේ මේ මොහොතේ පලපුරුදු නායකත්වයක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතු හෙයින් මේ සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීම සුදුසු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ඔවුන්ගේ නියෝජිතයකු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා යැවීම සුදුසු බවට යෝජනා කර ඇති අතර ඊට සහභාගී වූ නිමල් ලන්සා මහතාද තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම සුදුසු බව පවසා තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවැති එම හමුව එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර ඉදිරියේදී තවදුරටත් රැස්වී සුදුසු නමක් තීරණය කිරීමටද එකඟතාවයකට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කා කොටාගෙන අන්තිමට වලිග දෙකක් තමයි පාර්ලිමේන්තු එවන්න වෙන්නේ..!
කාංචන නිසයි අපි සිලින්ඩරයට කතිරෙ ගැහුවේ. එයා පැරැදුණේ වැඩ පෙන්නලා.. කාංචන අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
කාංචන ඉන්නම ඕනෑ.
පට්ට. මෙන්න රට හදන්න යෝජනා කරපු අත්දැකීම් තියෙන කණ්ඩායම. මුන් හපාගන්න විදිහට වලිඟවත් ඉතුරු වෙයිද දන්නේ නෑ.. නොදකින්. 2020 සීයා දීපු පූර්වාදර්ශය තමයි.
නොදකින් විතරක් මේ කාලකන්නි රැල රටේ මිනිස්සු බොහොම කැපවීමකින් සුද්ධ කරපු තැනට කුණු ගන්ධස්සාරේ කරවන්න අසුචි නාගත්තු උරු නාම්බෙක්ව දක්කන්න හදනවා. මුන්ගෙ මේ කෙහෙම්මල් අසුචි ටැංකියට ඡන්දෙ දීපු කාලකන්නි උන්ට නම් හොඳක් වෙන්නේ නැහැ.
මහා ලොකු අත්දැකීම් ඇති කට්ටිය ,තවම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් තෝරාගන්න බැහැ
සුදුසු එකෙක් ඔය පක්ෂෙන් හොයාගන්න බැරි වෙයි. වෙන පක්ෂේකින් හොයාගන්න වෙයි. අර පෙරටුගාමී එකේ උන් හොදයි. අඩුමගානේ උන් අවංකයි.
පෙරටුගාමී එකෙක් ගන්න. උන් අවංකයි. ඔයගොල්ලන්ගේ පක්ෂේ නම් සුදුසු කෙනෙක් නැහැ.
දිනේෂ්ලගේ කාලෙ ඉවරයි දැන් තරුණයකුට අවස්ථාවක් දෙන්න ඕනැ මෙතුමා වැඩක් කරන්න පුළුවන් නායකයෙක්
දිනේෂ්ගේ පළපුරුද්ද මොකද්ද? කෑගහන එක ඇරුනහම තරුණ නවකයෙක් පත්කරන්න.
දිනේෂ් හැර ඕනෑම කෙනෙක්....
ජනතාව දුකින් ඉන්නකොට විදුලිබිල වැඩි කරකර, මිනිස්සු පෙළපු මනුස්සයෙක් එළවලාම දාන්න ඕනෑ.