IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ

(යොහාන් භාසුර)

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හොත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන කුෂාන් ජයසූරිය මහතා ‘ලංකාදීප’යට  අද (12) පැවසීය.

‘සෝලා’ ගාස්තු අඩු කරන්නේ යැයි මීට මාස කීපයකට පෙර ප්‍රකාශ වුවද මේ දක්වා එය ක්‍රියාත්මක කරන නොමැති බව කී ජයසූරිය මහතා ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් නැවත මාධ්‍යවල වාර්තා පළවන්නේ යැයි දැනගන්නට ලැබී ඇති බව ද සඳහන් කළේය.

ගාස්තු අඩු කිරීමක් කළ හොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් එවැනි සාකච්ඡාවක් හෝ වෙනත් පියවරක අවශ්‍යතාවක් මේ දක්වා මතුවී නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ

kumara Tuesday, 13 May 2025 09:17 AM

ඔච්චර දඟලන්න ඕනද, වර්ජනය කරා නම් ඉවරයිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site