IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පුර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වලින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

 ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගනු ලබන නේවාසික පහසුකම්, ආපනශාලා වැනි අනෙකුත් පොදු පහසුකම් 2025 වර්ෂය තුළ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නිම කිරීමටත්, ඉතිරි වැඩ විෂයයන්, ඒවායේ විෂය පථයන් අවශතා මත පදනම්ව නැවත සංශෝධනය කර 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 863 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1268 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site