IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


සරසවි සිසුවාගේ පිහි පහරින් සිසුවිය මරුට

(ඉන්දිකා රාමනායක සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු  තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ  ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතාද එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි

සිද්ධියෙන් පැය තුනකට පමණ පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන කොලොන්නාව වැල්ලම්පිටිය චිත්තම් පහුව පදිංචි තරුණයකු බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය ද මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි .

ඒ අනුව, සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රශ්න කොට ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව පැවසේ.


ඡායාරූපය (බුද්ධික කුමාරසිරි)



අදහස් (51)

සරසවි සිසුවාගේ පිහි පහරින් සිසුවිය මරුට

සෙනෙවිරත්න Tuesday, 17 January 2023 03:24 PM

නොගැලපෙන පෙමක්. මේකට සරසවියට වත් ශිෂ්‍ය ප්‍රජාවටත් සංගම් වලටත් දේශපාලන පක්ෂ වලටවත් දොස් තියන්න එපා කවුරුවත්. මේක ඒ දෙන්නගෙ ප්‍රශ්නයක්

:       302       168

Lal Tuesday, 17 January 2023 03:26 PM

ඔහු කලා පීඨයේ නම් ජේවිපී කාරයෙකි

:       143       275

wishwa Tuesday, 17 January 2023 03:53 PM

අනිත් දේශපාලන පක්සහ්වල මිනිස්සු සිය පෙම්වතියන් ගාතනය කරලා නැද්ද?

:       141       111

BamunuaracchiTuesday, 17 January 2023 05:20 PM

ඔයාට ජේවීපී එකේ අය ඇලජික් වෙන ලෙඩක් එහෙම තියෙනවද? එහෙම තියනවනම් ලෙඩේ ලඟදිම හොඳවෙයි.

:       59       26

නිහාල්Tuesday, 17 January 2023 05:22 PM

අනේ අපරාදේ නිදිමරාගෙන පාඩම් කරලා මහන්සි වුනේ.

:       35       19

Hafeel Tuesday, 17 January 2023 05:47 PM

ජ වි පෙ එකේ බොහෝ ක්‍රයාකාරී සාමාජිකයෝ සහ වර්තමාන මන්ත්‍රීවරුන් විද්‍යාපීඨයේ කළමනාකරණ උපාධුධාරීන්.

:       45       16

SirisenaTuesday, 17 January 2023 07:08 PM

ඔහු ජේ.වී.පී කාරයෙක්ද හරියටම දන්නැති උනත් ලාල් බත් කන හරකෙක් බව සහතිකයි

:       60       28

anilkumaraTuesday, 17 January 2023 07:59 PM

ලාල්, අපි හිතන්නෙ ඔයාටත් අර බමුණු ආරච්චිගේ අසනීපෙ හැදිලා වගේ. වාතයක් ගියත් වැරදි ජෙප්පෝ.

:       69       17

rajivaTuesday, 17 January 2023 11:09 PM

බගේ දැනුම පිළිබඳව - කරුණාකර අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ගන්න.ඔබ දන්නවාද අනුර කුමාර දිසානායකගේ ඉඳලා ජේ වී පි එකේ ඉහලම තලයේ සිටින අයගෙන් 80% ම විද්‍යා අංශයේ අය බව? ඔබගේ මෝඩ තර්ක දමන්න ඔබ වගේම පිනට කඩේ යන බයියන්ට.

:       59       17

LalWednesday, 18 January 2023 12:10 PM

JVP කාරයෝ පිහියෙන් ඇනීමට, කපා කොටා ගැනීමට, බෙලි කැපීමට ඉතා ප්‍රසිද්ධය

:       11       12

snehaWednesday, 18 January 2023 01:28 PM

බුදු අම්මේ...!!! ලාල්ගේ කමෙන්ට් එකට තියෙන රිප්ලයි දැක්කාම හිතෙනවා රටට මෙහෙම වෙලා තියෙන එක ඇති කියලා... උපහාසය කියලා දෙයක් අහලා නැද්ද ජීවිතේට.... ලාල් කියන්නේ ලාල් ඔහුව ජේ වී පී කාරයෙක් කියලා හිතනවා කියලා නෙමෙයි. සමාජය වීසින් සරසවි ශිෂ්‍යයෙක් කලා පීඨයේ නම් ඔහු වැරැද්දක් කළා නම් අනිවාර්යයෙන් ජේවීපී ලේබල් එක ගහනවා කියන එකයි...

:       7       4

පිටිගල මිලානෝ Tuesday, 17 January 2023 03:41 PM

ප්‍රේමය කුමක්ද යැයි තේරුම් නොගත් පෙම්වතෙක්.

:       5       230

AmayaThursday, 19 January 2023 01:16 PM

ජවිපෙ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා!

:       1       3

rohana Tuesday, 17 January 2023 03:57 PM

මෙව්වා මනුස්සයෝ කරන දේවල් නෙවෙයි.

:       0       67

Lalith M Tuesday, 17 January 2023 03:59 PM

කලාව විකලා වෙලා. ඊර්ෂ්‍යාව මත ඇතිවූ අර්බුදයක්.. නොගැලපෙන අය සමග සම්බන්ධතා ඇතිකර ගැනීම අඥාන කමක් කියල කාන්තාවන්ට තේරුම්ගන්න බැරිද?

:       1       10

කිරිපුතා Tuesday, 17 January 2023 04:06 PM

මව් කිරෙනුයි තාත්තගෙ දහඩියෙනුයි මෙපමණ කාලයක් හැදුණු දරුවෙක් මේ විදිහට මරා දාන්න ඇය වෙනුවෙන් තඹේක දෙයක් කැප නොකළ දෙපා සතෙකුට කිසිම අයිතියක් නෑ. ගෑණු දරුවනුත් දැනගන්න ඕන එකපාරටම කොහෙවත් නැති නරුමයෙකුට ජීව්තේම පූජා නොකර පරිස්සම් වෙන්න. ඔහුට නිසි දඬුවම් ලැබේවි කර්මය විසින්. නඩු දැම්මම නම් අවුරුදු 20 ක් තිහක් යයි තීරණයක් දෙන්න.

:       1       72

යෝගා Tuesday, 17 January 2023 04:16 PM

හොඳ වෙලාවට කොල්ලව හඳුනා ගත්තේ. නැත්නම් ඒකත් රාජපක්ෂලාගේ ගොඩටම දානවා

:       10       100

Nimal Tuesday, 17 January 2023 05:06 PM

මේ මොන අපරාධයක්ද,? පව් දෙමව්පියෝ.

:       0       53

C.K.Lankaputhra. Tuesday, 17 January 2023 05:12 PM

ප්‍රේමය සහ වෙෙරය එකම කාසියේ දෙපැත්තක් වගේ. මේ විත්තිකරුවා වෙෙද්ය වරයෙක් නොවුන එක මනුස්ස සංහතියේ වාසනාවක්.

:       32       7

Nandana Tuesday, 17 January 2023 05:28 PM

ගං කබරයෝ යුනිවර්සිටි ගියාම ඔහොම තමයි.

:       40       21

Ananda Wednesday, 18 January 2023 12:36 PM

දැන් කාලයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණත් අධිකරණය එම දඬුවම් නියම කරනවා. ඉතින් ඊළඟට පත්වෙන ජනාධිපති එම දඬුවම ක්‍රියාත්මක කළොත් ක්‍රියාත්මක නිලධාරියෙක් ලෙසට මිනීමරු සිසුවා බඳවා ගැනීමට කටයුතු කළොත් ඉතාමත් හොඳයි...

:       12       2

santhu Tuesday, 17 January 2023 05:36 PM

අපේ රටේ විතරද මන්ද ප්‍රේමය බිඳ වැටුනම පෙම්වතා යෙහෙළිය මරල දාන්නෙ. අකමැති නම් මොකට තව ඉන්නද නොගැලපෙන නිසානෙ දබර වෙන්නෙ ඊර්ෂ්යාව, සැකය මුල් වෙලා ඇති

:       68       10

ranjith Tuesday, 17 January 2023 05:46 PM

ජිවිතයක් විනාස කරන්න තරම් හිතක් ඇති නරුමයෙක්.

:       0       51

Bamunuarachchi Tuesday, 17 January 2023 05:58 PM

තරුණ සිත් වල ඊර්ශාව වෛරය ක්‍රෝධය ඇතිකළ එවුන් ගැන කතා කරන්න එපාද?

:       9       44

අසාධාරණ Tuesday, 17 January 2023 06:10 PM

මිනීමරුවා කෙසේවත් වයිද්‍ය වෘත්තීය සදහා සුදුස්සෙක් නොවෙයි .ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕන

:       1       8

Fire Lion (ගිනිගත් සිංහයා) Tuesday, 17 January 2023 06:23 PM

මොන ප්‍රශ්නයක් වුනත් මෙහෙම කරනවද ??? පෙම්වතා කියන එකා මානසික පිස්සෙක්. අපේ එවුන් තවමත් අධි මාත්‍රයෙන් ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් පෙලෙන එවුන් බං. කිසිකෙනෙකුට උඩ ගෙඩි දෙන්න එපා මේ වගේ දේ කරන්න. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා දෙමව්පියෝ හදන්නේ මේකටද ආදරෙන්. සසරේ ගෑනියෙක් නැතිව විඳව විඳව ඉන්න වෙයි එම සුනකයාට. ජෙප්පෙක් නොවෙන්න බැරිකමකුත් නෑ.සාපේක්ෂව බහුතරය කොහොමත් default කුහක හැත්ත.

:       3       69

කසුන් Tuesday, 17 January 2023 07:17 PM

ඝාතකයගේ ෆොටෝ එකයි දාන්න ඕන.

:       36       8

lakee Tuesday, 17 January 2023 07:46 PM

පොත පතින් අධ්‍යාපනය ලබපු ගොන් පකෙක්

:       2       51

pakeer Tuesday, 17 January 2023 08:01 PM

අනේ මෙහෙමත් තාරුණ්‍ය.

:       0       24

ප්‍රේමකීර්ති ගෙ ශාක්ශිය Tuesday, 17 January 2023 08:42 PM

එකවුන්ට් එක කාගෙ පක්ශෙටද යන විත්තිය දන්න නිසාම සෙනවිරත්න කලින්ම වැට පැනල. සියුමැලි හදවත් සරසවිය ඇතුලෙදි මරුසිරාලගෙ තත්වෙට වැටෙන්න සරසවිභූමිය තුල ඇති අදෘශමාන හස්තිය ගැනයි විපරම් කරන්න ඕනෙ.

:       3       60

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:36 PM

ඔයාලවගේ අය ඉන්න නිසා තමයි මම කලින්ම වැට පැන්නෙ. මොනවහරි උනොත් ශිෂ්‍ය සංගම් වලට දේශපාලන පක්ෂය වලට දොස් තබන සරසවියකට වැස්සකටවත් නොගිියපු අය තමයි වැඩිපුර මෙතන කමන්ට්ස් දාන්නෙ. හුඟ දෙනෙක් අමතක කරනව ඔය දරුවො ලාංකික දෙමාපියන්ගෙ දරුවො බවත් ඔතන ගතකල වසර දෙක තුනට වඩා කාලයක් පාසල් වල දෙමාපියන් ලඟ හිටපු බවත්. වසර දෙක තුනකින් කෙනෙකුගෙ ජානගති ඉවත් වෙනව නම් ඒක පුදුමයක්.

:       1       1

රෝහිත Tuesday, 17 January 2023 09:30 PM

ඉගෙන ගන්නෙ නැති මුන්ට "මෝල් කලන්තෙ" ඒකයි....

:       2       35

Rohana Tuesday, 17 January 2023 10:00 PM

ප්‍රේමය මරණයෙන් කෙලවරවීම අභාග්‍යයකි.

:       0       9

Prase Tuesday, 17 January 2023 10:06 PM

රට හදන්න පාරට ආපු තරුණ ජව.

:       2       13

arschfikaa Tuesday, 17 January 2023 10:20 PM

ප්‍රේමය තියා ජිවිතයවත් කුමක්දැයි කියලා නොතේරෙන අමු ගොන් තාරුණ්‍ය.

:       0       11

chandima Tuesday, 17 January 2023 10:57 PM

ඉගෙනගන්න ගියානම් ඉගෙනගන්නවා මිසක් මොන එහෙකටද පෙම් කරන්න ගියේ ?ජනතාවගේ බදු මුදල් වලින් උගන්නලා උගන්නලා අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා අන්තිමේ විශ්ව විද්‍යාලයේ යැවුවා .පවු අහිංසක දෙමවුපියෝ .සහෝදර සහෝදරියෝ

:       61       7

බද්රානිWednesday, 18 January 2023 10:09 AM

චන්දිමගේ, හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රීය උනාට තරුණ දරුවන්ට කල හැකි දෙයක් නැහැ. තරුණ යව්වනයින්ට ආදර හැගීම් දැනීම සාමාන්‍ය දෙයක්. නමුත්, විභාග ඉලක්ක කර ගනිමින්, ටියුෂන් ගුරාරාගේ ගෝත්‍රික මනෝ විකාර අදහස් ඔලුවට දා ගනිමින් ගිරා පෝතකයින් මෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ මනසකින් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. රජයේ විශ්ව විද්‍යාල තුල පවතින ප්‍රචණ්ඩත්වය මේ සාහසික ක්‍රියා වලට අත්වැලක්. පුජකයින්ගෙන් පටන් ගෙන මේ රටේ බක පණ්ඩිත උගතුන්ගේ සමාජ හැසිරීම දෙස බැලුවාම මේ මෙලෙච්ජ සමාජයේ මෙවැනි සිදුවීම් අරුමයක් නොවෙයි.

:       38       19

අබරන් Wednesday, 18 January 2023 08:43 PM

චන්දිම, ඔයා නම් මෝඩයෙක්... කාගේ සල්ලි වලින් ඉගෙන ගත්තත්, ඒ ඉගෙන ගන්න කාලේ බ්‍රහ්මචාරී විදියට ජීවත් වෙන්න ඕනේ කියලා කොහෙද තියෙන්නේ? අකුරු ලියන්න, කියවන්න ඉගෙන ගත්තාට ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද කියල ඉගෙන ගෙන නැහැ. ඒක විෂය නිර්දේශයකින් නුඹලා වගේ වැඩවසම් යුගයේ මී හරකුන්ට උගන්නන්නත් බැහැ...

:       0       0

Sarasi Tuesday, 17 January 2023 11:34 PM

පිහියකුත් අරන් ඇවිත් කියන්නේ මරන්න ලෑස්ති වෙලාම ඇවිත් . මුන් එක්ක ද දීග කන්නේ..

:       0       38

nihal Wednesday, 18 January 2023 12:07 AM

පවු අහිංසක සිසුවා .දැන් කාලේ කාන්තාවන් කොහොමත් ඕනෑවට වැඩියි .අනෙක් සියලුම සිසුවියන් ජීවිතයට පාඩමක් මෙයින් උගත යුතුය

:       22       5

C.K.Lankaputhra Wednesday, 18 January 2023 07:08 AM

ප්‍රේමය සහ වෙෙරය කාසියක දෙපැත්තක් වගේ.

:       12       4

Prase Wednesday, 18 January 2023 07:25 AM

රජයේ සරසවි ප්‍රයිවට් කරන්න මේ අය ජනතාවට බරක්.

:       53       11

sam Wednesday, 18 January 2023 08:18 AM

ෂරියා නීතිය.

:       25       1

janahitha Wednesday, 18 January 2023 09:39 AM

ආගම දේශනා කරන අය එය සිදු කරන්නේ නැතිව ද්වේශ සහගත කරුණු කියමින් දේශපාලනය කිරීම මෙයට හේතුවය. මුළු බෞද්ධ සමාජ පද්ධතියම විනාශ වෙමින් පවතී

:       34       15

Bunny Preena Wednesday, 18 January 2023 11:05 AM

බොහොම කනගාටුදායක පුවතක් .ඔහු නියම ආදරවන්තයෙකු නොව ඝාතකයෙකි .ආදරය නොහඳුනන උන්මත්තකයෙකි .ඔහුටද මරණ දඬුවම දිය යුතුමය

:       1       7

kamal Wednesday, 18 January 2023 11:22 AM

විශ්ව විද්‍යාලේ කළා පීටයේ සිසුවන් විතරක් නෙමෙයි විද්‍යා පීඨයේ උපාධිය සමර්ථ වෙලා දොස්තර වෙලත් මිනී මරපු සාහසිකයෝ හිටිය බව ලංකාවේ අපි නොදන්නේ ඇයි?

:       17       6

අරවින්ද Wednesday, 18 January 2023 12:55 PM

බියකරු සසර, තමන්ගේ සතුරා පෙම්වතා, පෙම්වතී ලෙස පැමිණිය හැක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. නොපමාව කුසල්ම රැස්කරන්න...

:       0       37

චින්තා Wednesday, 18 January 2023 02:26 PM

මේවාගේ තිරිසනෙක් සමග ඉදිරි ජීවිතය ගතකිරීමට වඩා මරණය තෝරාගැනීමට තරම් ශක්ති වන්ත වූ ඇයට සමාජයේ ගෞරවය ලැබිය යුතුයි. එසේම එම පාපකර්මය විඳවමින් ජීවිතය ගතකිරීමට යන පව්කාරයාට අනුකම්පා කරමු...

:       4       1

චින්තා Wednesday, 18 January 2023 02:31 PM

දෙමාපියවරුනි, අධ්‍යාපනය යනු පොතපතේ දැනුම හෝ විභාග සමත්වීම යනු බුද්ධිය මැනබැලීමක් නොවන බව දැන්වත් වටහාගන්න. දරුවන්ට ගහකොළ, සතාසිවුපාවා, සොබාදහම ක්‍රීඩාවන්, විනෝදාංශ විදීමට ඉඩ දෙන්න. දැනටමත් අප බොහෝ පමාවී ඇත.

:       0       10

මෙත්තා Thursday, 19 January 2023 12:44 AM

හරියට හරි. මේක නොතේරී දරුවන් හැදුවොත් ප්‍රතිඵල මේවගේ තමයි. කෝ මේ අයගාව මනුස්ස ගතිගුණ, ඉවසීම, මේවා නැතුව මොනවා ඉගෙනගත්තත් වැඩක්ද.

:       0       0

ගමේ එකාලා Wednesday, 18 January 2023 04:37 PM

කොල්ලා කෙල්ලට බොක්කෙන්ම ලව් කරන්ඩ ඇති .කෙල්ලගේ මොකක් හරි දේකට කොල්ලට ඉවසන්ඩ බැරිම තැන පිහියෙන් අනින්ඩ ඇති .

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 498 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 356 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 296 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 570 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 123 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 859 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site