(බිමල් ශයාමන් ජයසිංහ)

වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේදී 20 හැවිරිදි තරුණයකු වෙඩි වැදි රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඌරකුට  තබන ලද වෙඩි ප්‍රහාරයක් නිවසක ඉදිරිපිට ආහාර ගනිමින් සිටි තරුණයාට වැදීමෙන් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

තුවාල ලද තරුණයා.වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.