(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචි විශ්ව විද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරියට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණ ඇති විශ්ව විද්‍යාල සිසුන් 300 කට අධික පිරිසක් එම නිල නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වා නිවසට පහර දි හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී පේරාදෙණිය පොලිසිය පොලිසිය කියයි.
මෙම පහරදීමට හේතුවී ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ තිබූ විශ්ව විද්‍යාල සිසුන්ට අයත් යතුරු පැදි දෙකක් අනතුරට පත් කොට හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා පැදවූ බව කියන මෝටර් රථයෙන් පලාගිය බවට චෝදනා කරමිණි .
කෙසේ නමුත් පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් පැමිණ සිසුන් විසුරුවා හැර අනතුර සිදු කළා යැයි කියන හිටපු කුලපතිවරයාගේ පුතා පොලිස් බාරයට ගෙන තිබේ .
එම අවස්ථාවේ දී සිසුන් පහරදුන් බව සඳහන් කරමින් හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන අතර මහාචාර්යවරයාගේ පුත්‍රයා ද පහරකෑමට ලක්ව මහනුවර ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත .
COMMENTS
දැන් නම් ඔක්කෝටම පිස්සු.
ජවිපයේ අය වෙන්න ඕනේ....!
ගතානුගතික ගොබ්බ අධ්‍යාපන ක්‍රමයක් හරහා සරසවි එන සිසුන් තරම් මෝඩහරක් රැලක් තවත් නෑ..
.සරසවි සිසුන් කියන්නේ උන්ට හික්මීමක් ඇත්තෙම නැද්ද. කරන පාහර වැඩක් ඇත්නම් මුන් එතන ඇති. අද්‍යාපනය මොන්ටිසෝරි ඉඳන් වෙනස් කරන්න කාලය හරි.
මේ සියල්ලේම අවසන් පියවර රාජ්‍ය විශ්ව විද්‍යාල අභාවයට යාම. කාලකණ්ණි මානසිකත්වය ඇති ජෙප්පන්ගේ සහ පෙරටුගාමී අය මේවාට වග කියන්න ඕනෑ.
මට තියෙන ප්‍රශ්නේ... හිටපු උපකුලපති කියන්නේ එතකොට එතුමා දැන් සේවයේ ඉන්නවද? නැද්ද? සේවයේ නැතිනම්, කොහොමද නිල නිවසක ඉන්නේ...? ඒක පැහැදිලිව කියන්න පුළුවන්ද?