(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා අද (6) පැවසීය.
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා එසේ පැවසීය.
විශ්වවිද්‍යාලය අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම මස 2 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව කී වන්නිනායක මහතා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම මස 3 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මෙම අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෙට (8) පෙරවරු 10.00 සිට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම සහ ආණ්ඩුව පොරොන්දු වූ දීමනා සහ සෙසු පහසුකම් නොලැබීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 11 ක් මෙම වර්ජනයට හේතු වන බවත් ඒ මහතා කීය.
මෙම වසරේ ජනවාරි මස සිට ඉල්ලීම් ලබාගැනීම සඳහා සංකේත වැඩවර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කළ ද බලධාරීන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවැනි අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවූ බව කී වන්නිනායක මහතා මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට වන අපහසුතාව පිළිබඳව කණගාටු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළබල කෙරුවට නැහැ වැඩක් වෙන්නේ, ජනතාවගේ ප්‍රශ්න හැදුණෙන ආණ්ඩුවක් හදා ගන්නවා ඇරෙන්න.
අම්මෝ හරියටම වැඩ කරන අය
නිලනිවාසවල හරි හරි බිස්නස්, බෝඩිං කාමර, කැම්පස් වතුපිටිවල ඵලදාව විකුණලා ගන්න සල්ලි, උදේට පොත අස්සන් කරලා එලියේ වීල් එලවනවා, පිට කොන්ත්‍රාත් වැඩවලට යනවා, හවසට වේලාවට ඇවිත් පිටවීම අස්සන් කරනවා, බොරුවට OT දාගෙන ගාන කපනවා, සේවා වෙලාවට බොරුවට වැනෙනවා, පොටෝ කොපි කොලයේ ඉඳලා පුලුවන් හැමදේම පන්නනවා... මේ පොඩි අය කරන වැඩ. විධායක අයගේ සපෝට් එක නැතිව මේවා කරන්න බෑ. විධායක අය ලොකු ලොකු වැඩ. ටෙන්ඩර් කොමිස්, හොරට හදන බිල්, කැම්පස් වාහනයක් හදන්න ගෙනියන ගරාජ් එකෙනුත් කොමිස්... එහෙම තියෙද්දිත් ඉතින් අපි ස්ට්‍රයික්...!